Connect with us

පුවත්

ඩුබායි ගිය ජනපති නැවත දිවයිනට

Published

on

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ  සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වන දින පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සමුළුව ඇමතු අතර දේශගුණික යුක්ති සංසදයක් සඳහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමුළුවේදී සිදුකළේය.

සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අජිත් මාන්නප්පෙරුම, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති පරිසර උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති පරිසර උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි, භාණ්ඩාගාරයේ උපදේශක දේශාල් ද මෙල්, අන්තර්ජාතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන පිරිසද මෙම සංචාරයට ඒක්ව ඇති බව වාර්තා වේ.

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved