Connect with us

පුවත්

ඩ‍ෙංගු ව්‍යාප්තියට හ‍ේතුව මහාචාර්ය චන්දිම කියයි

Published

on

රටතුළ මේවන විට පවතින ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව ඩෙංගු වයිරසයේ තුන්වන ප්‍රභේදය බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි.

ඩෙංගු රෝගීන්ගේ රුධිර පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී තිබෙන බව ද, ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන්නේ කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශවලින් යයිද මහාචාර්යවරයා කීය.

2023 ජනවාරි වන විට ඩෙංගු රෝගීන් විශාල ලෙස වාර්තා වූ බව කී මහාචාර්යවරයා මාර්තු මාසය වන විට කලින් වාර්තා වූ ඩෙංගු දෙවැනි ප්‍රභේදය වෙනුවට ඩෙංගු තුන්වන ප්‍රභේදය වාර්තා වූ බව පැවැසීය.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ඩෙංගු ආසාදනය වළක්වාගැනීම සඳහා ඉවහල් වන බවය.

ඩ‍ෙංගු ත්‍රී වයිරස ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ අද දිනය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 30,772  කි.

පසුගිය වසරේ අප්‍රේල් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,019ක් වාර්තා වී තිබූ අතර මේ වසරේදී අප්‍රේල් මාසයේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,617කි.

එය පසුගිය වසරට සාපේක්ෂව 89% ක ඉහළයෑමකි.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved