Connect with us

පුවත්

ඩෙල්ෆ් හි පහක් මැරූ ප්‍රධාන සැකකරු අල්ලයි!

Published

on

යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළදී, තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, 51 හැවිරිදි අදාළ පුද්ගලයා අද (23) උදෑසන කයිට්ස්, පුංකුඩිතිව් හීදි අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු වෙනත් ප්‍රදේශයකට පලායාමට සූදානම්ව සිටියදී විමර්ශන සිදුකළ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එලෙස සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

සැකකරු සතුව තිබී ඝාතනයවූ කිහිපදෙනකු භාවිතා කළ ජංගම දුරකථන තුනක්, නිවසින් සොරාගත් පවුම් දහයකට අධික බරින් යුත් රන් භාණ්ඩ සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.

පෙරේදා ඩෙල්ෆ් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව අදාළ නිවස පරීක්ෂා කිරීමේදී කපාකොටා ඝාතනයකළ කාන්තාවන් තිදෙනාගේ සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තුවාල ලබා සිටි වයෝවෘද කාන්තාවක් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවද පොලිසිය පැවසීය.

එලෙස කපාකොටා ඝාතනය කොට ඇත්තේ යාපනය, ඩෙල්ෆ්, මාවිලා වරාය අසල පදිංචි කාර්තිකේසු නාගේශ්වරී (83), නාගනාධි බාලසිංහම් (82) හා විදේශගතව සිට පැමිණි බාලසිංහම් කන්මනිපිල්ලේ (76) සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78) සහ යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (75) යන පිරිසය.

එක් කාන්තාවක් නිවසේ ඇඳමත ඝාතනය කොට ඇති අතර අනෙක් කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් දෙදෙනා නිවසේ විවිද ස්ථානවලදී ඝාතනය කොට තිබූ බව පැවසේ.

තියුණු ආයුධයකින් හිසට පහරදී මෙම ඝාතන සිදුකොට ඇති බව පොලිසිය සඳහන් කළේය.

පොලිසිය වෙත ඝාතනයන් පිළිබඳ වාර්තාවීමත් සමඟ ඝාතකයා අත්අඩංගුවටගැනීම සඳහා ඩෙල්ෆ් සිට කුරිකට්ටුවාන් දක්වා මගීප්‍රවාහන බෝට්ටුසේවය තාවකාලිකව නවතා දැමීමට පියවරගත්තද සැකකරු කයිට්ස් වෙත පලාගොස් සිට ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ සැකකරු විදේශරටක පදිංචිව සිට වසර ගණනකට පෙර යාපනය වෙත පැමිණ ඇති බවත් ඔහු පොලියට මුදල් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති බවට අනාවරණයවූ බවත්ය.

මියගිය පුද්ගලයින්ගේ මරණයන් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (22) කයිට්ස් මහෙස්ත්‍රාත් එස්. ගජනිත්‍යබාලන් මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයන් සඳහා සිරුරු යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනයාම සිදුකෙරිණ.

තුවාල ලැබූ කාන්තාවගේ තත්වය බරපතල නොවන බවත් ඇයගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත් පොලිසිය පැවසීය. 

අත්අඩංගුවටගත් සැකකරු රැදවුම් නියෝග මත ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පැවසීය.

ඩෙල්ෆ් පොලිසිය, යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතනයන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved