Connect with us

පුවත්

ඩොලරයත් එක්ක විදෙස් ණයත් නගලා

Published

on

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළ යමින් රුපියල බාල්දු වීම නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම සහ විදේශ ණය වර්ධනය වීමේ ප්‍රවණතාවක් හටගෙන ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

2025 ජනවාරි 1 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල වශයෙන් සටහන් වූයේ රුපියල් 289/- කි. 

එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 297/- කි. එහෙත් ඉන් මාස හතරක් ඇවෑමෙන් මෙම මස 23 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 295/- ක් බවට පත් විය. 

එදින විකුණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 304/- කි. මාස හතරක් තුළ රුපියල් පහකින් පමණ රුපියල අවප්‍රමාණය වී තිබේ.

මෙහි අහිතකර බලපෑම වැඩිපුර එල්ල වන්නේ අපේ විදේශීය ණය කෙරෙහිය. 

රුපියල බාල්දු වීමත් සමඟ ඊට සාපේක්ෂව විදේශීය ණය ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් කරයි. 

එසේම රත්රන් ඇතුළු බොහෝ වටිනා ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ නගියි.

වාර්තා වන ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35 ක් පමණය. 

දැනට සිදුවන අවප්‍රමාණයේ හැටියට ඩොලරය රුපියලකින් අවප්‍රමාණය වන විට විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 35කින් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි බදු ප්‍රතිපත්තිය ලිහිල්නො කළහොත් මෙම තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(දේශය)

පුවත්

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

Published

on

By

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මදුරන්කුලිය පොලිස් වසමේ, සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක සිසුවෙකි.

මෙම සිසුවා නිවසේ තිබූ විදුලි උපකරණයක් විදුලි පේණුවට සම්බන්ධ කිරීමට යෑමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

ඊයේ (01) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය  පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ

Published

on

By

මේ මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි.

Continue Reading

පුවත්

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

Published

on

By

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාවට කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ.

එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට මේ වනවිට කෙටි පණිවිඩ යවා තිබේ.

ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසය.

එම මුදල බැර කළ යුතු අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබේ.

එම පණිවිඩය මගින් මේ සම්බන්ධයෙන් තමන්ට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් සටහන් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved