Connect with us

පුවත්

ඩොලර් මිලියන ගණනක මැණික් ජලාශ වලින් ගොඩගන්න වාර්තාවක් ඉල්ලයි!

Published

on

ඩොලර් මිලියන ගණනක් වටිනා බවට ඇස්තමේන්තුගත කර ඇති, මෙරට ජලාශ කිහිපයක ඇති මැණික් ඉල්ලම් ගොඩ ගැනීමට ඇති හැකියාව පිළිබඳව සතියක් ඇතුළත කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ.

මේ බව සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය.

මෙම වාර්තා ලබාදෙන ලෙස මහවැලි අධිකාරිය, විදුලි බල මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තුමේනතුව සහ මැණික් පර්යේෂණ ආයතනයට එම ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් දැනුම් දී ඇත.

මෙම වාර්තාව මගින් සමනල වැව ජලාශය, හැටන් නෝර්ටන්බ්‍රිජ් ජලාශය සහ ඉහළ කොත්මලේ ජලාශයේ මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ හැකියාව පිළිබඳව සොයා බැලෙනු ඇත.

පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා සමනලවැව ජලාශයේ ජලය සිඳී ගොස් සමනල වැවට සහ නෝර්ටන්බ්‍රිජ්, ඉහළ කොත්මලේ ජලාශවලට යටවූ ඉඩම් අක්කර දහස් ගණනක් මතු වී ඇති බවත්, රට ආර්ථික අර්බුදයක පවතින මෙවැනි අවස්ථාවක ජලාශ වලට යටවූ ඉඩම්වල මැණික් සම්පත ගොඩ ගැනීම ගැන රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා වූ බව එහි සභාපති වන ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා බලන්ගොඩ පැවැති මාධ්‍ය හමුවක දී පවසා ඇත.

වලේබොඩ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ අතුරින් සමනල වැව ජලාශයේ පමණක් ඩොලර් බිලියන 2ක් හෝ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1,500ක මැණික් සම්පතක් ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් පර්යේෂණ ආයතනය විසින් ඇස්තමේන්තු කර ඇති බවයි.

සමනලවැව ජලාශයේ සොරොව්ව, වැව් බැම්ම සහ ජලාශයේ විදුලි නිෂ්පාදනය සහ ජලය මුදා හැරීමේ ස්ථාන යන්ත්‍රවලට හෝ කිසිදු පාරිසරික අගතියක් සිදු නොවෙන ලෙස මෙම මැණික් ඉල්ලම් ගොඩ දැමීම ගැන රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට එම කාරක සභාව උපදෙස් ලබාදී ඇත.

(මූලාශ්‍රය – දිවයින)

පුවත්

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

Published

on

By

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වනදා නිකුත්කෙරුණු අතර එම විභාගයට පෙනී සිටි පිරිවෙන් අධ්‍යාපනය ලබන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මෙලෙස අද දිනයේ නිකුත්කර තිබේ.

Continue Reading

පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ පහසුකම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කරන බවය.

කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03 ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරට

Published

on

By

නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබේ.

අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කිරීම සිදුකර ඇති බවට එම කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව, පසුගිය මස 18 වන දිනට පෙර අදාළ මෝටර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන අදාළ ව්‍යාපාරිකයාට අධිකරණ නියෝග කෙරුණි.

නමුත් එම නියෝග කඩ කිරීම හේතුවෙන් බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව, අධිකරණ නියෝග පරිදි අදාළ ජීප් රථය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved