Connect with us

පුවත්

ණය සාකච්ඡාවට චීනය නිරීක්ෂකයෙක් ලෙස එක්වෙයි

Published

on

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා ණයහිමි රටවල පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (09) පැවැත්වුනු අතර, මෙම රැස්වීමට චීනය නිරීක්ෂකයෙකු ලෙස එක්වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මධ්‍යම ආදායම්ලාභී ආර්ථිකයන්හි ණය දුෂ්කරතා විසඳීම සඳහා ආදර්ශයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි ණය හිමියන් බලාපොරොත්තු වන, අප්‍රේල් මාසයේදී වොෂින්ටන් නුවරදී හි දියත් කෙරුණු නව රාමුවක් යටතේ මෙම රැස්වීම පවත්වා තිබුණි.

රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් ජපානයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන මසාතෝ කන්දා මහතා පවසා ඇත්තේ චීනය නීරීක්ෂකයෙකු ලෙස මෙම රැස්වීමට එක්වූ බවත්, ඉදිරි රැස්වීම් වලදී පූර්ණ සාමාජිකයෙකු ලෙස එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. 

(මූලාශ්‍රය : රොයිටර් පුවත් සේවය)

පුවත්

මඩකලපුව ශික්ෂණ රෝහලේ නව ශල්‍ය ඒකකය විවෘත වේ

Published

on

By

ඉන්දීය මූල්‍යාධාර යටතේ ඉදිකර ඇති මඩකලපුව ශික්ෂණ රෝහලේ නව ශල්‍ය ඒකකය විවෘත කර තිබේ.

මෙරට සිටින ඉන්දීය තානාපති සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් – වෛද්‍ය පී.ජී. මහීපාල මහතා විසින් එක්ව මෙම ශල්‍ය ඒකකය විවෘත කර ඇත.

රු. මිලියන 300ක මූල්‍යාධාර යටතේ ඉදිවූ මෙම ශල්‍ය ඒකකය හේතුවෙන් කලාපයේ සෞඛ්‍ය සේවය වැඩිදියුණු කරන අතරම, රෝහලේ පොරොත්තු ලේඛන 50%කින් අඩු කිරීමටත්, වාර්ෂිකව රෝගීන් 5000 කට ආසන්න පිරිසකට සෙත සැලසීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading

පුවත්

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම ගැන ගත් තීරණය 

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධතියක් ලෙස එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය.

බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ථ සේවක මණ්ඩලය ආවරණය වන පරිදි පසුගියදා(23) මාර්ගගත ක්‍රම ඔස්සේ පැවැත්වුණි.

සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ අගයක පවත්වාගෙන යෑමටත්, ආයතනයට සාධාරණ ලාභයක් ලැබීමටත්, ඉන් සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමටත්, සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් ඕනෑම ආයතනයක් විසින් කාලීන ඇගැයීම් සිදුකරමින් නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබේ.

එමෙන්ම විදුලිබල පනත සංශෝධනය කිරීමට සහ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකර පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරිත්වයක් මත ක්‍රියාත්මක කරවීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය වූ බව විදුලි බල මණ්ඩලය දැනුම්දෙයි.

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සියළුම සේවකයින්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට සියළු සේවක ස්ථර නියෝජනය කරමින් සැදුම්ලත් කමිටුවක් ස්ථාපිත කිරීමටද මෙහිදී යෝජනා වී තිබේ.

Continue Reading

පුවත්

පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (05) පස්වරු 6.00 සිට 06 වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජා ඇල, කටුනායක, සිදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ජා – ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙසේ ජල සැපයුම් අත්හිටුවන බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved