නිදහස් මාධ්‍යවේදීයකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා කියයි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටී.
“බොරැල්ල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උද්ඝෝෂණයක් අතරතුරදි කලහකාරී ලෙස හැසිරීම කියන එකට තමයි ඇරස්ට් කරලා තියෙන්නේ. එයාව හෙට අංක 02 අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.”
තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා ගැන බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ.
එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළව චෝදනාවක් තිබේ නම් ඒ ගැන ද අවදානයට ලක් කළ හැකි බවයි.
තරිඳුගේ අත්අඩංගුවට ගැනීම
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් වාර්තා කරමින් සිටියදී නිදහස් මාධ්‍යවේදීයෙකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර ඊයේ (28) පොලිසිය විසින් බොරැල්ල ප්රදේශයේදීයි අත්අඩංගුවට ගෙන තිබිණි.
තරිඳු උඩුවරගෙදර ත්‍රිරෝද රථයක් තුළ සිටිය දී කැරලි මර්ධන පොලිසිය ද ඇතුළුව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් ඇති වීඩියෝ පටවල දැක්වුණි.
සබැඳි පුවත්
තරිඳු අත්අඩංගුවට අරගෙන (වීඩියෝ)