Connect with us

පුවත්

“තරුණයා පැහැරගත් ඩිෆෙන්ඩරය හිරුණිකාගෙයි” – නීතිපති කියයි

Published

on

තරුණයකු පැහැර ගැනීමට යොදා ගත්තේ යැයි කියන කළුපාට ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බව කොළඹ මහාධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14) පැවසීය.

රථය භාවිත කරමින් තරුණයා පැහැරගත්තේ යැයි කියන පුද්ගලයින් අට දෙනකු නඩුවේ චෝදනා පිළිගනිමින් වරද බාරගෙන ඇති බවද කොළඹ මහාධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසීය.

එම නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව විභාග වන මෙම නඩුව සඳහා එම සාක්ෂි නැවත නැවත කැඳවීම අවශ්‍ය නොවන බවත්, විත්තිය එම කරුණු පිළිගන්නේ නම් නඩුව කඩිනමින් විසඳීමට හැකි බවත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

තරුණයකු පැහැරගෙන යෑමට ආධාර අනුබල දුන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ බණ්ඩාර මහතා එම කරුණු ඉදිරිපත් කළේය.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි. ජාතික රූපවාහිනියේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. කාරියවසම් මහත්මිය සාක්ෂි දෙමින් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාවක් සිය නාළිකාවේ විකාශය කළ බව සඳහන් කළාය. 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ ඊයේ පෙනී සිටියාය. 

අමිල ප්‍රියංග අමරසිංහ තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යෑම, ඊට ආධාර අනුබල දීම, සාපරාධී පැහැරගෙන යාම සහ බිය ගැන්වීම යන දණ්ඩනීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු වරදවල් සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පැවරීය.

2015 නොවැම්බර් 21 හෝ ඊට ආසන්න දිනකදී තවත් පුද්ගලයින් අට දෙනකු සමඟ මෙම වරද සිදු කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. 

නඩුවේ වැඩිදුර විභාගය ලබන 04 දින සිදු කිරීමට නියමිතය.

(දිනමිණ)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved