Connect with us

පුවත්

තරුණියකට ලිංගික ක්‍රියාවකට කතාකළ හිමිනම අත්අඩංගුවට

Published

on

අනුරාධපුර පොලිසිය ඉදිරි පිට මාර්ගයේ පා ගමනින් ගමන්  කළ කාන්තාවක් නවතා රුපියල් 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවක් සඳහා ආරාධනා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අඹගස්දෝව විට, එගොඩවත්ත, බදුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමක් බව පොලිසිය කියයි.

අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක් පොලිසිය පසු කරමින් විලච්චිය බස් නැවතුම් පල දෙසට ගමන් කරමින් සිටියදී සැකකාර චීවරධාරියා පන්දහසේ මුදල් නෝට්ටුවක් පෙන්වා මෙලෙස ලිංගික ක්‍රියාවක් සිදු කිරීමට ආරාධනා කර ඇති බව පැමිණිල්ලේ සඳහව ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූූ පැමිණිලිකාර කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ අතර  පොලිසිය විසින් එම ස්ථානයේ සිටි  කාන්තාවන්  තිදෙනකුගේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් චීවරධාරියා මත් ද්‍රව්‍ය  භාවිතා කර ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ. කරුණාතිලක මහතා  වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඖෂධ පානය කර, අධික ලෙස මත් වී ඇති බවට වාර්තාවක් ලැබී ඇති බව පොලිසිය කියයි.

මූලාශ්‍රය – අද

පුවත්

මහ වැසි නිසා වත්තේගම – අකුරණ යටවේ

Published

on

By

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ (ඒ-09) අකුරණ නගරය සහ උකුවෙල මහනුවර මාර්ගය වත්තේගමින් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් මහා භාණ්ඩාගාරයට

Published

on

By

2024 වර්ෂයේ ජනවාරි මස 01 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද රුපියල් මිලියන 30ක පමණ මූල්‍යමය ප්‍රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවගේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මුදා හැර තිබේ.

එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන, ආපදාවලින් හානියට පත් වූවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදු වූයේ 2024 අයවැය ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බැවිනි.

තවද මහජන චීන සමූහාණ්ඩුවෙන් හදිසි මානුෂීය ආධාර වැඩසටහන යටතේ තවදුරටත් ලැබීමට ඇති යුවාන් මිලියන 10ක ද්‍රව්‍යමය ආධාර සහ භාණ්ඩ, ලද වහාම විධිමත් පරිදි ගිණුම්ගත කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතය.

එසේම හානි වූ නිවාස හා දේපළ සඳහා වන්දි ගෙවීමද නිවාස ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතුද ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය මඟින් කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා

Published

on

By

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදහ​සේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරමින් සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සියලුම ගුරුවරුන් ඇතුළු පාර්ශවයන් වෙත සීමා පනවමින් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ ලේකම් ජේ. එම්. ටී ජයසුන්දර මහත්මිය ගේ අත්සනින් යුත්  එම චක්‍රලේඛය සියලූම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved