Connect with us

පුවත්

තරුණියක් බලෙන් කැලේට ගෙනගොස් නිරුවත් කළ කොස්තාපල් අත්අඩංගුවට 

Published

on

සිය පෙම්වතා සමග සමනල වැව නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට අතරවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 08 වනදා සමනල වැව පොලීසිය විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඊයේ බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මේ අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කෙරුණු බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.

සමනලවැව ප්‍රදේශයට යාබද ප්‍රදේශයක පදිංචි 18 හැවිරිදි තරුණියක් සිය පෙම්වතා සමඟ පසුගිය 08 වනදා සමනලවැව ඉස්මත්තට පැමිණ තිබුණි.

එහිදී යතුරුපැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙකු පෙම්වතා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇතැයි කියමින් ඔහුගේ සාක්කු සහ මුදල් පසුම්බිය ආදිය පරීක්ෂාවට ලක්කර ඇත.

අනතුරුව පෙම්වතා‌ගේ එක් අතකට මාංචු දමා මාංචුවේ අතින් කොටස යතුරුපැදියේ සවිකර තරුණියව බලහත්කාරයෙන් කැලෑ ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

එම ප්‍රදේශයේ සිටි පුද්ගලයෙකු මේ පිළිබඳ සමනලවැව පොලීසියට දැනුම් දී ඇති අතර කඩිනමින් පොලීසිය එම ස්ථානයට පැමිණ තිබේ.

ඒ වනවිටත් පොලිස් කොස්තාපල්වරයා තරුණිය නිරුවත් කර සිටි බව ද වාර්තා වේ.

පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ දී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මොනරාගල කොට්ඨාසයේ හම්බෙගමුව පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී තිබේ.

(අද දෙරණ)

පුවත්

බටලන්ද කොමිෂන් වාර්තාවෙන් මන්ත්‍රීලාටත් තොප්පියක්!

Published

on

By

මහජන නියෝජිතයන් තමන් සඳහාම ආචාර නීති පද්ධතියක් සකස් කරගෙන සම්මත කරගැනීම උචිත බවත්, යම් මහජන නියෝජිතයකු (පාර්ලිමේන්තු හෝ පළාත් සභා) පෙර සඳහන් කළ ආචාර නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරදකට හසුවුවහොත් අදාළ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන්ට වරදට හසුවූ සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවත් බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

එසේ දෝෂාභියෝගයට ලක්වන සාමාජිකයාගේ මහජන නියෝජිතභාවය ද අහෝසි කළ යුතු බව එම නිර්දේශයේ සඳහන්ය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

By

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි.

ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දුට ගෙදරින් කන්න අවසර දෙයි!

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු කළ ඉල්ලීමක් අනුවයි.

සිය ආරක්ෂාව තර කරන්නැයි කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරය තුළ ඊට සුදුසු ස්ථානයක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ, ලබන 3 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු මේ වනවිට පල්ලේකැළේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved