Connect with us

පුවත්

තරුණියන්ගේ අනාගතේ බලන්න නිරුවත් පිංතූරගත් අයෙක් දැලේ!

Published

on

මුහුණු පොත ඔස්සේ හඳහන් බැලීමට යැයි පවසමින් රූමත් තරුණියන් රැසකගේ පෞද්ගලික තොරතුරු සහ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා ඉවත් කිරීමට රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් ජ්‍යොතිෂ්‍යවේදියකු බව කියන දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවකු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය, අධිකරණය ඊයේ (03) දැනුම් දුන්නේය.

හම්බන්තොට පදිංචි ශෂී ධාවන් නමැති මෙම සැකකරුට හසු වූ තරුණියන්ගෙන් මේ වන විට පැමිණිලි 20කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයිද දන්වා සිටියේය.

අදාළ සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළවය. 

ඔහු ලබන 08 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා, බන්ධානාගාරයට නියම කළේය.

අදාළ සැකකරු හඳහන් බලන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීමක් පළකර තරුණියන් රැසකගේ තොරතුරු ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

එම තරුණියන් අතුරින් තෝරා ගත් රූමත් තරුණියන් පිරිසක් සමග කතාබස් කරමින් සැකකරු සූක්ෂ්ම ලෙස පෞද්ගලික තොරතුරු සහ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, එම නිරුවත් ඡායාරූප සහ තොරතුරු සැකකරු විසින් මුහුණු පොතේ වෙනම පිටුවක් සකස් කර ඇතුළත් කර තිබෙන බවද අධිකරණයට දන්වා සිටියේය.

එම මුහුණු පොතේ නව පිටුවේ සැකකරු විසින් ‘ගණිකාවන් ඉන්නවා මෙන්න ඒ අයගේ තොරතුරු’ යනුවෙන් හුවා දක්වමින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පළ කර ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුව සැකකරු අදාළ තරුණියන්ට නැවත කතා කර නව පිටුවේ තොරතුරු යවා ඇතැයිද දන්වා සිටියේය.

එම ඡායාරූප ඉවත් කරදීමට නම් තමන්ට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා දිය යුතු බව පවසමින් හඳහන් බැලීමට තොරතුරු එවූ තරුණියන්ගෙන් සැකකරු කප්පම් මුදල් ඉල්ලා තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණය වෙත දන්වා සිටියේය.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved