Connect with us

පුවත්

තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හි ලිෆ්ට් එක කඩා වැටෙයි; 10ක් නූලෙන් බේරෙයි

Published

on

තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් (Grand Monarch) හෝටලයේ විදුලි සෝපානය හදිස්සියේ අක්‍රියවීම නිසා එම අවස්ථාවේ එහි සිටි 10 දෙනෙකු පමණ ඉතා ආයාසයෙන් බේරාගෙන තිබේ.

මේ සිද්ධිය සිදුවීම ඊයේ (03) සිදුව ඇති අතර, අදාළ පිරිස විනාඩි 10ක් පමණ එහි සිරව සිටි බවද පැවසේ.

එසේ සිරව සිටි පිරිස තම ජීවිත බේරා දෙන්නයි කියමින් විලාප තබා ඇතැයි “දිවයින” පුවත්පත වාර්තා කර ඇත.

මේ හෝටලයේ විවාහ උත්සව දෙකක් ඊයේ පැවැති බවත් ඒයට සහභාගිවූ ආරාධිතයන් මෙහි ගමන් කරමින් සිටියදී මේ අනතුර  සිදුව ඇත.

විදුලි සෝපානය අක්‍රිය වූ අවස්ථාවේ මොවුන් බේරා ගැනීමට එම හෝටලයේ පිරිස් උත්සහ කළත්, එය බිමට කඩා වැටී තිබේ.

කෙසේවුවද, එහි සිටි පිරිස කම්පපනය පත්ව සිටියද ඔවුන්ට කිසිදු අනතුරක් වී නොමැත.

එහි ගමන්ගත් පිරිස පවසන්නේ මේ විදුලි සෝපානයේ අලුත්වැඩියා කටයුතු නිසි අයුරින් සිදු නොකිරීම නිසා මේ අනතුර සිදුව ඇති බවයි.

මේ අතර, හෝටල්  පාලනාධිකාරිය  පවසා ඇත්ත‌ේ පමණ ඉක්මවා ස‌ෝපානයට පිරිස ගොඩවී ඇති බවත්, සීනුව වදිද්දී ඔවුන් ස‌ෝපානයේ ගමන් කිරීම නිසා මේ අනතුර වී ඇති බවයි.

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසයි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් වේ.

සබැඳි පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved