Connect with us

පුවත්

ත්‍රස්ත විරෝධී පනත ඉල්ලා අස්කරගන්න – හියුමන් රයිට්ස් වොච්

Published

on

ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කර ඇත්තේ, මෙම කෙටුම්පත මගින් මානව හිමිකම් ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමට බලධාරීන්ට අවස්ථාව හිමි වන බවයි.

ඕනෑම ප්‍රතිත්‍රස්ත පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

එහි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි මහත්මිය පැවසුවේ, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය සාමකාමී විවේචකයින් නිහඬ කිරීමට සහ සුළු ජාතීන් ඉලක්ක කරගත් ක්‍රියාවන්ට අවසර දීමක් බවයි.

මානව හිමිකම් තහවුරු කරන නව ත්‍රස්ත මර්දන නීති කෙටුම්පත් කරන තුරු දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද භාවිත කිරීම සඳහා රජය පූර්ණ තහනමක් පැනවිය යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ඔවුන් අවධාරණය කරන්නේ, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ජපානය, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් මෙම පනත් කෙටුම්පත මානව හිමිකම් තහවුරු කිරීම තෙක්වන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා බලපෑම් කළ යුතු බවයි.

මෙම තත්ත්වයන් GSP+ සහනය සඳහා ද බලපෑහැකි බව යුරෝපා සංගමය පැහැදිලි කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved