Connect with us

පුවත්

 ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාවට  ඉන්දියාවෙන්  සංවර්ධන ආධාර

Published

on

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 නොවැම්බර් 3 වන දින ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතියේදී ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාව වෙත සංවර්ධන ආධාර පැකේජයක් භාර දුන්නේය.

 දිස්ත්‍රික්කයේ ධීවර සංගම් 21ක් ඇතුළත් වන ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලබා දුන් මෙම ආධාරයට 40 HP බෝට්ටු එංජිමක්, අධි ශීතකරණ 3ක් සහ ජීවිතාරක්ෂක කබා ඇතුළත් විය. අධි ශීතකරණ මගින් මත්ස්‍ය අස්වැන්න නැවුම්ව තබා ගත හැකි බැවින් ධීවරයන්ගේ ආදායම ඉහළ නැංවීමට එය උපකාරී වනු ඇත. එංජිම සහ ජීවිතාරක්ෂක කබා මුහුදේ අතරමං වන හෝ අනතුරට පත් වන ධීවරයන් සහ බෝට්ටු බේරා ගැනීම සඳහා තීරණාත්මක සහයක් ලබා දෙනු ඇත.

මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්තුමා ඔවුන්ගේ දරා ගැනීම, මහන්සි වී වැඩ කිරීම සහ තම ප්‍රජාවට දක්වන දායකත්වය අගය කළේය. ඉන්දීය සාගරය විසින් එක් කරන ලද දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ‌‌ඓතිහාසික සහ සංස්කෘතික සබඳතා එතුමා විසින් පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවට ධීවර ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳව ඉන්දියාවට හොඳින් මනා අවබෝධයක් ඇති බව ප්‍රකාශ කළ එතුමා ඉන්දීය රජය ධීවරයන්ගේ එදිනෙදා කටයුතුවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය යන දෙකම ඉහළ නැංවීමට අරමුණු කරන බව පැවසීය. 

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved