Connect with us

පුවත්

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වැඩිකරයි

Published

on

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩි වන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව, සාමාන්‍ය සෙබල / සාමාන්‍ය නැවි / ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ.

ලාන්ස් කොප්‍රල් / බලනැවි / නායක ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 11,860ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 12,160කින් ඹූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 12,460කින් ඉහළ නැංවේ.

කොප්‍රල් / නායකනැවි / කොප්‍රල් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 12,460කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 12,760ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 13,130කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 13,500කින් ඉහළ නැංවේ.

සැරයන් / සුළු නිලධාරී / සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 13,500කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 13,870ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 14,240කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 14,610කින් ඉහළ නැංවේ.

මාණ්ඩලික සැරයන් / ප්‍රධාන සුළු නිලධාරී / බල පන්ති සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 14,240කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 14,610ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 15,105කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 15,600කින් ඉහළ නැංවේ.

බලලත් නිලධාරී II / සමුහ ප්‍රධාන සුළු නිලධාරී / බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 16,095කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 16,590ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 17,085කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,580කින් ඉහළ නැංවේ.

බලලත් නිලධාරී I / පාලක ප්‍රධාන සුළු නිලධාරී / ප්‍රධාන බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 19,725කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 20,385ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 21,045කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 21,705කින් ඉහළ නැංවේ.

කැඩෙට් නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13,500කින් ද, මධ්‍ය නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13, 870කින් ද, 2 වන ලුතිනන් (කැඩෙට්) / පියාසර නිලධාරී (කැඩෙට්) යන තනතුරුවල මූලික වැටුප රු. 19,725කින් ද ඉහළ නංවා තිබේ.

2 වන ලුතිනන් (කැඩෙට් නොවන) / පියාසර නිලධාරී (කැඩෙට් නොවන) යන තනතුරුවල මූලික වැටුප රු. 23,025කින් ඉහළ නැංවේ.

ලුතිනන් / උප ලුතිනන් / පියාසර නිලධාරී වන තනතුරුවල මූලික වැටුප රු. 28,855කින්ද, උපකරණ පාලක තනතුර සඳහා වන මූලික වැටුප රු. 30,220කින් ද, කපිතාන් / ලුතිනන් / පියාසර ලුතිනන් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 37,045කින් ද ඉහළ නැංවේ.

මේජර් / ලුතිනන් කමාන්ඩර් / ස්කොඩ්‍රන් ලීඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 42,505කින් ඉහළ නැංවේ.

ලුතිනන් කර්නල් / කමාන්ඩර් / වින්ග් කමාන්ඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 44,175කින් ඉහළ නැංවේ.

කර්නල් / කපිතාන් / ගෘප් කැප්ටන් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 58,095කින් ඉහළ නැංවේ.

බ්‍රිගේඩියර් / කොමදෝරු / එයාර් කොමදෝරු යන තනතුරු සඳහා මූලික වැටුප රු. 62,555කින් ඉහළ නැංවේ.

මේජර් ජනරාල් / රියර් අද්මිරාල් / එයාර් වයිස් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රුපියල් 71,000කින් ඉහළ නැංවේ.

ලුතිනන් ජනරාල් / වයිස් අද්මිරාල් / එයාර් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 76,300කින් ඉහළ නැංවේ.

ජනරාල් / අද්මිරාල් / එයාර් චීෆ් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 84,700කින් ඉහළ නැංවේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved