Connect with us

පුවත්

ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී ජීවිත 2ක් අහිමි වෙයි

Published

on

වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී තිබේ.

එම අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත්  හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

අද (03) දහවල් මාතර සිට මහනුවර බලා ධාවනයවූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටී තිබුණි.

ත්‍රීරෝද රථයේ මව සමග එකම පවුලේ දරුවන් 03 දෙනෙකු සහ තවත් ඥාතියෙකු ගමන් කර ඇත.

යුද හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි 32 හැවිරිදි ඥාතියෙකු එම ත්‍රීරෝද රථය ධාවනය කර තිබෙන අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව පැවසෙයි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ වයස අවුරුදු 09ක දරුවෙක් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී ඇත.

අනෙක් දරුවන් දෙදෙනා, මව සහ තවත් ඥාතියෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පිරිස වැලිගම පැලෑන මෝදරවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවද පොල්වතුමෝදර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනාව මව විසින් රැගෙන ත්‍රීරෝද රථයෙන් නිවසට යමින් සිටියදී අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.

මෙම දුම්රිය හරස් මාර්ගය ඇතුළු බොහෝ දුම්රිය හරස් මාර්ගවල දෝෂ පවතින බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

(අද දෙරණ)

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved