Connect with us

පුවත්

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දෙවසරක් දක්වා දික්කරයි

Published

on

ලබන සඳුදා (26) සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02ක් දක්වා දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගත් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

පුවත්

පොලොන්නරුවෙනුත් මාලිමාවට ආසන 4ක් 

Published

on

By

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

ජාතික ජන බලවේගය – 159,010
සමගි ජන බලවේගය – 43,822
සර්වජන බලය – 8,587
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 5,153
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට 01ක් මන්ත්‍රී ධුරයක් ලැබී තිබේ.

Continue Reading

පුවත්

හම්බන්තොටින් මාලිමාවෙන් 5ක් මැති සබේට

Published

on

By

හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය – 234,083
සමගි ජන බලවේගය –  52,170
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 18,297
සර්වජන බලය  – 5,564

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.

Continue Reading

පුවත්

පළමු දිස්ත්‍රික් ප්‍රතිඵලය පිටවෙයි ; ගාල්ලෙන් ජාතික බලවේලයට මන්ත්‍රී ආසන 7ක්

Published

on

By

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල දිස්ත්‍රික් ප්‍රතිථලය පිටව තිබේ.

ඒ අනුව ඡන්ද 406,428 ක් ලබාගත් ජාතික ජනබලවේගය එහි මන්ත්‍රී ආසන 7ක් දිනාගෙන ඇති අතර සෙසු ආසන 2ක සමගි ජනබලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බෙදී ගොස් තිබේ.

සමස්ථ ප්‍රතිථලය පහත දැක්වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved