Connect with us

පුවත්

තැන තැන සිදුවන මනුෂ්‍ය ඝාතන

Published

on

වැල්ලවත්ත හා හලාවත ප්‍රදේශයන්හිදී ඊයේ (16) දිනයේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කලේය.

ඉන් එක් ඝාතනයක් ඊයේ අලුයම් කාලයේදී හලාවත පොලිස් වසමේ විලත්තව ප්‍රදේශයේදී සිදුකර තිබේ.

වයස අවුරුදු 65ක් වූ කාන්තාවක් ඝාතනය කර ඇති බවට හලාවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී එම මරණකාරිය මූකලන්හේන, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගෙන ඇත.

ඝාතනයට ලක් වූ කාන්තාව විලත්තව මාර්ගය අයිනේ මියගොස් වැටී සිටි බවට ඇගේ දියණිය ප්‍රකාශයක් ලබාදී තිබුණි.

එමෙන්ම දියණියගේ ස්වාමි පුරුෂයා මරණකාරිය සොයා යතුරුපැදියෙන් රාත්‍රියේ ගමන්කරමින් සිටියදී පුද්ගලයෙකු කාන්තාවක් ඔසවාගෙන යනු දුටු බවටත්, යතුරුපැදි එළියෙන් එම පුද්ගලයා හඳුනාගත් බවටත් ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට ඉදිරිපත් කර ඇත.

එම සැකකරු වීරපොකුණ, බිංගිරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මේ අතර, ඊයේ උදෑසන වැල්ලවත්ත පොලිස් වසමේ ඔවාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසලදී තවත් ඝාතනයක් සිදුකර ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ ජම්පටා වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු සේවය කළ වෙළෙඳසැලෙහි හිමිකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත වෙළෙඳ සැල් හිමිකරු විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට අපරාධය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර, වෙළෙඳසැලේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ලයෙකු බව පොලීසිය පවසයි.

පුවත්

බටලන්ද කොමිෂන් වාර්තාවෙන් මන්ත්‍රීලාටත් තොප්පියක්!

Published

on

By

මහජන නියෝජිතයන් තමන් සඳහාම ආචාර නීති පද්ධතියක් සකස් කරගෙන සම්මත කරගැනීම උචිත බවත්, යම් මහජන නියෝජිතයකු (පාර්ලිමේන්තු හෝ පළාත් සභා) පෙර සඳහන් කළ ආචාර නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරදකට හසුවුවහොත් අදාළ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන්ට වරදට හසුවූ සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවත් බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

එසේ දෝෂාභියෝගයට ලක්වන සාමාජිකයාගේ මහජන නියෝජිතභාවය ද අහෝසි කළ යුතු බව එම නිර්දේශයේ සඳහන්ය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

By

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි.

ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දුට ගෙදරින් කන්න අවසර දෙයි!

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු කළ ඉල්ලීමක් අනුවයි.

සිය ආරක්ෂාව තර කරන්නැයි කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරය තුළ ඊට සුදුසු ස්ථානයක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ, ලබන 3 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු මේ වනවිට පල්ලේකැළේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved