Connect with us

පුවත්

තැපෑලේ වාහන 42ක් අතුරුදන්

Published

on

තැපැල්පති නමින් ලියාපදිංචි කෙරුණු වාහන 42 ක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිම තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  ගත් තොරතුරු සැසඳීමේදී මෙම  වාහනවල අඩුව  පිළිබඳ කරුණු  අනාවරණයවූ  බවද   එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අප තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන වසර 30 – 50 අතර පැරැණි ඒවා  බවයි.

මෙම වාහන පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  දත්ත වාර්තාවල අඩංගුව තිබුණත් තැපල් දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ලැයිස්තුවේ  නැතැයි පවසන තැපැල්පතිවරයා එම වාහන රටේ කොහේ හෝ ධාවනය වෙනවා නම් හෝ කිසිවකු හෝ  ඒවාට   ආදායම් බලපත්‍ර   ගන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු වහා  දෙන ලෙස මෝටර් රථ  ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලීමක් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  ඒ තොරතුරු තවමත් ලබාදී   නැතැයි පැවසූ සත්කුමාර මහතා  එම වාහන පිළිබඳ තොරතුරු නැත්නම් ඒවා දත්ත පද්ධතියෙන්  ඉවත් කරන ලෙසටද  ඉල්ලීමක්  කළ බව සඳහන් කළේය.

මේ අතර තැපල් දෙපාර්තමේන්තුවේ 60 ශ්‍රී  7256 දරන බස් රථය භාවිතයෙන් ඉවත්කර තිබුණද  ඒ සඳහා ඉදිරි කටයුතු කර නොතිබුණු බව විගණන  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳව අප තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම බස් රථය  මුද්දර කාර්යාංශයේ  ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීමට දැනටමත්  පියවර ගෙන ඇති බවයි.

(ලංකාදීප)

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved