පුවත්

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට යයි

Published

on

අද (08) සිට තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.

මාධ්‍යවේදීන් වෙත හෝමාගම දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

නොවැම්බර් 08, 09 හා 10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඊයේ පවසා තිබුණද, තැපැල් සේවකයන් අද දිනයේ වර්ජනයක නිරත විය.

සබැඳි පුවත් :

Trending

Exit mobile version