Connect with us

පුවත්

තිරිඟු පිටි මිල ඉහලට!

Published

on

තිරිඟු පිටි ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් පසුව වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් හතළිහකින් ඉහළ දමා ඇත.

මෙරට තිරිඟු පිටි බෙදාහරින සමාගම් විසින් තිරිඟු පිටි මිල වරින් වර ඉහළ දැමීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙඳුන් තිරිඟු පිටි ආනයනය කළහ.

ආනයනික තිරිඟු පිරි කිලෝවක් පසුගිය දිනවල රුපියල් 160.00කට අලෙවි කෙරුණු අතර ඉහත සඳහන් ගැසට් නිවේදනයත් සමග තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 200.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තිරිඟු ඇට ආනයනය කර කොළඹ සහ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රවලදී ඒවා අඹරා බෙදා හරින බවද තිරිඟු ඇට කිලෝවක් සඳහා ආනයනික බදු ලෙස අය කෙරෙන්නේ රුපියල් තුනක් පමණක් වුවද තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට රුපියල් හතළිහක බද්දක් අය කෙරෙන බව ආනයනකරුවන් කියා සිටිති.

මෙවැනි තත්ත්වයක් යටතේ දේශීය තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 160ක් දක්වා අඩු කිරීමට සමාගම්වලට හැකියාව පවතින බව ආනයනකරුවන්ගේ අදහස වී තිබේ.

මේ අතර තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි කර අලෙවි කරන සමාගම්වලට රජය සහනයක් ලබාදීම නිසා රජයට හිමි වීමට තිබූ කෝටි ගණනක බදු ආදායම අහිමි වී ගොස් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පී.එම්. අබේසේකර චෝදනා කරයි.

2002 සිට මේ දක්වා තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි කරන සමාගම්වලට ඇති බදු නිදහසට මුවා වෙමින් කිලෝග්‍රෑමයකින් රුපියල් පනස් තුනකට (53) අධික ලාභයක් ලබන බව වාර්තාවේ. තුර්කියේ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 450කට පමණ අලෙවි වූ අතර මේ වන විට එය ඩොලර් 355 දක්වා පහත බැස තිබේ. ඒ අනුව තිරිඟු පිටි ආනයනය කිරීමේදී රජය පසුගියදා පැන වූ නව සියයට පහළොවක බද්ද සියයට දහයක වරාය හා ගුවන් සේවා බද්ද හා සියයට 2.5 සමාජ ආරක්ෂණ බද්දද ගෙවා තොග සැපයුම්කරුවන් විසින් අලෙවිකරන්නේ රුපියල් 158ක මිලටය.

එහෙත් බදුවලින් නිදහස් කර ඇති සමාගම් පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 211ක තොග මිලට අලෙවි කර රුපියල් 53ක අධික ලාභයක් ලබන බව අබේසේකර පවසයි.

පසුගිය අප්‍රේල් 28 දින නිකුත් කළ ගැසට් නිවේදනයකින් ද ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් දහතුනක බද්දක් පැන වූ අතර තිරිඟු ඇට ආනයනය කරන සමාගම්වලට එය ද බල නොපායි. මාසිකව පිටි මෙට්‍රික් ටොන් හැටපන් දහසකට ආසන්න ප්‍රමාණයක් රටේ පරිභෝජනය කරයි. මේ වන විට පිටි මෙට්‍රික් ටොන් හැත්තෑ දෙදහසක් ආනයනය කර ගබඩාවල පවතින බව ආනයනකරුවන් පවසති.

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved