Connect with us

පුවත්

තුසිත හල්ලොලුවට ඇප. රට ගමන් තහනම්

Published

on

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් හාරලක්ෂ 70 දහසකට අධික වටිනාකමකින් යුත්  පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව මහතා ඇපමත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ  ඔහුගේ නීතිඥ අජිත් පතිරණ මහතා පැවසුවේ සිටියේ තම සේවාදායකයා 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අතර අධ්‍යක්ෂවරුන්ට ලබා දෙන පරිගණකය හා ජංගම දුරකථනය තම සේවා දායකයාට ද ලැබුණු බවය.

පසුව සේවයෙන් ඉවත් වන අවස්ථාවේදී එම පරිගණකය හා ජංගම දුරකථනය වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් ලබාදීමට තම සේවා දායකයා ඉදිරිපත් වුණත් එම මුදල ලොතරැයි මණ්ඩලයේ විසින් බාර නොගත් බවත් පැවසුවේය.

තම සේවාදායකයා ඉකුත් ඔක්තෝබර් මස එම ගෙවිය යුතු මුදල් තැපැල් කාර්යාලයෙන් මුදල් ඇනවුමක් මාර්ගයෙන් ගෙවීමට කටයුතු කර ඇති බවත් නීතිඥ පතිරණ මහතා අධිකරණය හමුවේ පැවසුවේය.

මෙහිදී කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරු විසින් අදාළ මුදල් ගෙවීම සිදුකර තිබෙන්නේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වීමෙන් පසුව බව සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු ඇපමත මුදාහරිණ බව නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව නැවත මැයි මස 30 වන දා කැඳවීමටද නියම විය.

මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් වුණේ සිය නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙනි.

සබැඳි පුවත්


පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved