Connect with us

පුවත්

තෙල් සංස්ථා සභාපති BMW රථය විකුණන්න ටෙන්ඩර් කැඳවයි

Published

on

පසුගිය කාලය පුරා ප්‍රවෘත්ති මැවූ තෙල් සංසථාවේ සභාපතිවරයාට පරිහරණය කිරීම සඳහා ලබා දී තිබූ BMW වර්ගයේ මෝටර් රථය විකිණීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබේ.

වර්තමාන සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතාට ලබා දී තිබූ මේ මෝටර් රථය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක පැවැතීම නිසාය. අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්) ය.

මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක් පමණි. මේ වන විට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් වැය කර තිබේ.

එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කරන්න සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතුය.

මේ කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපතිවරයා මේ වන විට තීරණය කර ඇත්තේ එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දෙන්නටය.

ඒ හරහා සංස්ථාවට විශාල වැයක් අඩු වනු ඇත. එක් අතකින් බස් මිල දී ගන්නා නව බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ එක් බස් රථයකට මිලියන 20ක් පමණ වන අතර, බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් පමණි.

 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved