Connect with us

පුවත්

තේරීම් කමිටු මාෆියාව CIDයට – ක්‍රීඩා ඇමති

Published

on

මෙරට ජාතික ක්‍රිකට් පිලට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී එක්තරා ආගමික නිකායක් සරණ ගිය ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතුව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත් වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට තමා තීරණය කර ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කියයි.

ඒ මහතා සතිඅන්ත පුවත්පතකට මේ බව පවසා ඇති අතර, බලෙන් මූලධර්මවාදී ආගමික නිකායකට ක්‍රීඩකයන් බඳවා ගැනීම බරපතළ වැරදි ක්‍රියාවක් බව ඔහුත් අවධාරණය කර තිබේ.

ක්‍රීඩා ඇමැතිවරයා හෙළි කළේ මූලධර්මවාදී කල්ලි වලට සම්බන්ධ අය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල සිටින බව ද ඉන් අන් අයට අගතියක් මෙන්ම අසාධාරණයක් සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි.

මේ අතර තතු දත් ආරංචි මාර්ග හෙළි කළේ මෙම මූලධර්මවාදී ආගමික කණ්ඩායමේ කේන්ද්‍රස්ථානය කටුනායක වේයන්ගොඩ මාර්ගයේ පිහිටා ඇති බවයි.

පුවත්

රනිල් හා මාවෙයි අතර හමුවක් !

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ සිදුවිය.

ඒ, යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී ය.

මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුව බව වාර්තා වෙයි.

කෙසේවුවද අදාළ හමුවෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනපතිවරණයෙන් ජයග්‍රහණය කර, උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මාධ්‍යයට අදහස් දක්වමින් ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසා ඇත.

Continue Reading

පුවත්

නවතා තිබු වාහන 03ක් ගිනි ගනී

Published

on

By

පාදුක්ක – මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහන 03ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එලෙස හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ගිනි ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත්, ඒ වන විටත් එම වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍ත් පොලීසිය පවසයි.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

පළමුවෙන් ත්‍රීරෝද රථයට ගිනි ඇවිලි ඇති බවත් අනතුරුව අනෙක් වාහනත් ගින්නෙන් විනාශ වී ඇති බවත් සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

වසන්ත අත්අඩංගුවට! (වීඩියෝ)

Published

on

By

රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් වන මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය ව‍ෙත අදහස් දක්වා තිබේ.

ඔහු කියා සිටින්නේ අධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබා දී නොමැති බවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved