Connect with us

පුවත්

තේ දැන්වීම්වලට යටකල කෝටි 17ක් වතුරේ

Published

on

සිලෝන් ටී වෙළඳ නාමය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට රූපවාහිනී දැන්වීම් නිර්මාණය වෙනුවෙන් ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 174ක් හෙවත් කෝටි 17.4ක මුදලක් වියදම් කළත් එම දැන්වීම් රූපවාහිනී නාළිකාවල විකාශය කර නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව හෙළි කර තිබේ.

මෙය ඇතුළු අක්‍රමිකතා රැසක් 2023 වර්ෂයට අදාලව ලංකා තේ මණ්ඩලය පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

එම වාර්තාවෙනි සඳහන් වන්නේ, සිලෝන් ටී සඳහා ගෝලිය ප්‍රවර්ධන සහ අලෙවි වැඩසටහන යටතේ සාම්ප්‍රදායික ඉහළ මට්ටමේ ප්‍රචාරණය සඳහා රූපවාහිනී මාධ්‍යය යොදාගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් රූපවාහිනී වෙළඳ දැන්වීම් නිර්මාණයට හා එය චීන, ජපන්, අරාබි, යුක්‍රේන්, ජර්මන් සහ තුර්කි භාෂා මාධ්‍යයන්වලට සිදුකරන ලද පරිවර්තන සඳහාද 2016 සිට 2020 වර්ෂය දක්වා රුපියල් 174,332,138ක වියදමක් දරා තිබුණු බවය.

එම වෙළඳ දැන්වීම නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූ රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචාරණය සිදු කර ගැනීමට අවශ්‍ය මාධ්‍ය මිලදී ගැනීම හා ඒ සම්බන්ධ සැලසුම් සකස් කර නොතිබුණු බැවින් රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචාරණයක් සිදු කර නොතිබුණු බව‍යි එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම රුපියල් 39,832,808ක වියදමින් නිර්මාණය කරන ලද නිර්මාණාත්මක කාර්යයන් 31ක්ද සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අදාල කාර්යයන් වෙනුවෙන් උපයෝජනය කර නොමැති බව නිරීක්ෂනය වූ බවයි පැවසේ.

මීට අමතරව සිලෝන් ටී නාමය වෙනුවෙන් www.pureceylontea.com නම් වූ වෙබ් අඩවියක් සකස් කර ඇතත්, එයට ප්‍රවේශ වීම ඉතා අඩු බැවින් ඒ වෙනුවෙන් වියදම් කළ රුපියල් මිලියන 172ක මුදලින් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවත් විගණකාධිපති වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකා තේ ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා 2019- 2023 කාලසීමාව තුළ රුපියල් මිලියන 107ක් වියදම් කර තිබූ නමුත්, චිලී රාජ්‍යයට ඉදිරිපත් කළ මාධ්‍ය සැලසුම හැර අන් සියළු රටවල්වල මාධ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර නොතිබුණු බවත් ඒවායේ කාලය ඉකුත් වී ඇති බවත් විගණකාධිපති වාර්තාව සඳහන් කරතිබේ.

සිලෝන් ටී වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීම සාර්ථක නොවීම හේතුවෙන් 2011 දී 18%ක් වූ ගෝලීය වෙළඳපොළේ ශ්‍රී ලංකාව සතු වූ කොටස 2023 වන විට 3.88% දක්වා කඩා වැටී ඇති බවත්, වෙළඳපොළ වර්ධනය කරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගෙන නැති බවත් විගණකාධිපති වාර්තාව තවදුරටත් සඳහන්ය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved