ඉකුත් මැයි මස 30 වන පීඩා වතුයායට අනිසි ලෙස ඇතුල් වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඊයේ (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දු කරන ලදී.
එම තීන්දුවට විරෝධිය පාමින් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන වතු සේවක එකමුතුව අද (23) වැඩ ර්වජනයක නියලී සිටින බව වතු සේවක වෘත්තිය සමිති නියෝජිතයන් පැවසූ බව වාර්තා වේ.
මෙම වැඩ වර්ජනය සිදුවීම සම්බන්ධව ආන්දෝලනයට තුඩු දුන් කැලණි වැලි වතු සමාගමට අයත් පීඩෘ වතුයාය, මා ගස්තොට ඉහල වතුයාය, මාගස්තොට පහල වතුයාය, ස්කූබ් වතුයාය, නේස්බි වතුයායා, මුම්ප්ලේන් වතුයාය ඇතුළු වතු හතක වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.
වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් තේ දළු නෙලන වෘත්තිකයන්, කිරුම් මිනුම් සිදු කරන වෘත්තිකයන් ඇතුළු සුළු සේවකයන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් අද (23) සේවයට වාර්තා කර නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කරයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ සද තැන්න වතුයායේ වෘත්තීය සමිති නායක ගෝවින්ද සාමි, මගස්තොට පහළ කොටස ලංකා කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිති නායක සුරේස් කුමාර් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් මෙසේ වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.
” ජීවත් තොණ්ඩමන් අමාත්‍යවරයා අපේ කෙනෙක් එයා කතා කළේ අපි වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරපු අමාත්‍යවරයා වෙනුවෙන් එයාව අත්අඩංගුවට විරෝධය පාමින් සංකේත වැඩ වර්ජනයක් කරා මින් ඉදිරියට අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තොත් අපි සියලුම වතු සේවකයන් එකතු කරගෙන නුවරඑළිය නගරය වටලලා අමාත්‍යවරයා නිදහස් කරන තුරුම දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා.”