Connect with us

පුවත්

දක්ෂිණ අධිවේගයේ මිලියන 2.07ක වංචාවක්

Published

on

දක්ෂිණ අධිවේගි මාර්ගයේ  රාජකාරි සිදුකළ  නිලධාරින් 16 දෙනෙකු පසුගිය වසර දෙකයි හා  මාස අටක කාලය තුලදි (2021 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා )  රුපියල් මිලියන 2.07ක මුදලක්  ඉක්මවා  වංචාකොට ඇති බවට අනාවරණය වි ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

දක්ෂිණ  අධිවේගි මාර්ගයේ  දැනට භාවිතා කරණු ලබන අයකැමි පද්ධතිය  2011 වර්ෂයේ දි  තාවකාලිකව ස්ථාපනය කරණු ලැබු පද්ධතියකි.

නවින  තාක්ෂණය අනුව  ගෙවිම් සිදුකළ හැකි මෘදුකාංග පද්ධතියක්  ස්ථාපිත කිරිමට  2023 වර්ෂය අවසන්වන විටත් මාර්ග සංවර්ධන  අධිකාරිය මගින්  කටයුතු නොකිරිම නිසා මෙම තත්ත්වය උදාවි ඇති බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

 ස්වයංක්‍රිය ගෙට්ටු වැසිමට හා විවෘත කිරිමට ක්‍රම වේදයක්  ස්ථාපිත කොට  වංචා අවම කිරිමට කටයුතු කර ඇති බව  විගණනය වෙත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දන්වා තිබුණි.

එහෙත් ස්විචයක් මගින්  ගේට්ටු  විවෘත කිරිම හා වැසිම සිදුකරණ අවස්ථා  නිරික්ෂණය වි ඇති බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

පුවත්

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීතිවිරෝධී ලෙස ලොරි රථයක් එකළස් කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙනි.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) දිනයේදී හිටපු අමාත්‍යවරයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ සිටි අතර එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විජිත් විජයමුණි සොයිසා මහතාව අද (20) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය

Continue Reading

පුවත්

නැගෙනහිර හා උතුරුමැද පාසැල් අද නොපැවැත්වේ

Published

on

By

නැගෙනහිර පළාතේ සහ උතුරුමැද පළාතේ සියලු පාසල් අද (20) නොපැවැත්වීමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබේ.

නැගෙනහිර  පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් අද දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් අදාල පාසල් වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්‍ය් ජයන්ත ලාල් රත්නසේකර පවසයි.

මේ අතර අද දවසේ උතුරු මැද පළාත තුල සියලු පාසල්  නොපැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමා විසින්  සියළුම විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම 3,4 සහ 5 ශ්‍රේණි සඳහා 2024 අවසාන වාර විභාගය අද(20) සහ හෙට (21) යන දින වලට නියමිතව ඇති විභාග තාවකාලිකව කල්දමන බව ද දැනුම් දී තිබෙන බවට වාර්තා වේ.

Continue Reading

පුවත්

රාවයේ සමාරම්භක කර්තෘ, ජවිපේ “පොඩි අතුල” මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වු රාවය පුවත්පතේ සමාරම්භක කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.

කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.

වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ⁣ජනවාරි 20 වැනිදා සවස 5ට සිදු කිරීමට නියමිතය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

මෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හැඳින්වේ.

හෙතෙම දේශපාලන විචාරයකු, සමාජ විශ්ලේශයකු, ග්‍රන්ථ රචයෙකු වැනි කේෂත්‍ර කිහිපයකම කටයුතු කළේය.

ජවිපෙ පොඩි අතුල

කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබ තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ආයුධ සන්නද්ධ කැරැල්ලට සම්බන්ධව වූ වික්ටර් අයිවන්, ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වැනි විත්තිකරු ය.

අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.

ඔහු කතෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක් ද වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved