Connect with us

පුවත්

දක්ෂිත හා රාජපක්ෂලාගේ කරවිල පිළිකා බෙහෙත්වල තිත්ත ඇත්ත

Published

on

එකම පරීක්ෂණය පෙන්වමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිළිකා වලට යැයි කියමින් ඖෂධයක් හා ආහාර අතිරේකයක් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති ආයතන දෙකක් සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ පිළිකා සඳහා විසඳුම යැයිද, කරවිල ඇටවලින් නිෂ්පාදිත යැයිද කියමින් සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම විසිනි නිෂ්පාදිත  “ALPHA ELOSTERA” නම් ඔසුව හා ප්‍රයිම් හෙල්ත් හර්බල් ප්‍රඩක්ට් (Prime Health Herbal Products) විසින්  LivingMo 600 ලෙස වෙළඳ ‌පොළට ඉදිරිපත් කර ඇති ආහාර අතිරේක නිෂ්පාදන සඳහාය.

කෙසේවුවද, මේ ඖෂධය මෙන්ම ආහාර අතිරේක කරල් සඳහා ගුරුකරගෙන ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා හා මහාචාර්ය අනුර ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් කරවිල ඇටවලට පිළිකා නැසීමේ ශක්තියක් ඇති බවට සොයා ගත්තේ යැයි කියන පරීක්ෂණයකි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේනේදාළ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා එම කරල් ආහාර අතිරේකයක් ලෙස නිෂ්පාදනය කරද්දී එයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාපාරිකයකු වන දක්ෂිත තිලංග සුමතිපාල මහතා එය ඖෂධයක් ලෙස නිෂ්පාදනය කිරීමට ආයුර්වේද නිෂ්පාදන සමාගමින් බලපත්‍රයක් ලබාගෙන තිබීමය.

මේ කාරණා දෙක සඳහාම ආයුර්වේද සූත්‍ර කමිටුව විසින් අනුමැතිය ලබාදීම ද විහිළුවක් බව ආයුර්වේද ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති.

මේ අතර, සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම විසින් ආයුර්වේද ඔසුවක් නිෂ්පාදනය කිරීමට අවසර ලබාදීමේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන නියමයන් කිහිපයක්ම අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.

ඔවුන් අදාළ ඔසුව අලෙවි කිරීමට පිළිකා රෝහල ආසන්නයේම දමා ඇති Ceylon Green Cancer Wellness Center නැමැති ආයතනයේ නාම පුවරුවේ එය ආයුර්වේද බෙහෙත් සාප්පුවක් බවට කිසිදු සටහනක් කර නොමැත.

ඒ අනුව ඔවුන් හිතාමතාම රෝගීන් නොමඟ යවා තිබේ.

එසේම ආයුර්වේද බෙහෙත් ශාලවක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරිස් සිටිය යුතු වන අතර බෙහෙත් නියම කළ හැක්කේ එවැනි බලයක් ඇති අයකුටය.

එම ආයතනයේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධවන අයට එහි වෙළඳ සේවිකාවන් විසින් බෙහෙත් නියම කරන බවට  පහත හඬපටයෙන් සාක්ෂි ලබා ගත හැකිය.

දක්ෂිතගේ, සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම මේ බෙහෙත් සඳහා අනත්ර් ජාලය තුළ දැන්වීම් පළ කර ඇති අතර ඒවා පලකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරවය.

මේ අතර, ආයුර්වේද සූත්‍ර කමිටුව විසින් අදාළ කරල පිළිකා බෙහෙතක් ලෙස හෝ ආහාර අතිරේකයක් ලෙස නම් කර ඇත්තේ ඔවුන්ගේ පාර්ම්පරික හෙළ වෙද පොත්වල කරවිල වලින් පිළිකා නැසීමට හැකියාවක් ඇති බවට කිසිදු සඳහනක් නොතිබියදීය.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා විසින් මෙම සොයා ගැනීම වානිජ අරමුණු ඇති නිෂ්පාදනයක් සඳහා යොදා ගැනීමට නම් එහි පරීක්ෂණ සහය දුන් පේරාදෙනිය සරසවියෙන් අවසර ගැනීමක් කළ යුතුවේ.

එසේම එම සරසවියට ආර්ථික වාසියක්ද ලබාදිය යුතුවන අතර ඒම සරසවියෙන් එවැනි කිසිදු විමසීමක් හෝ මින් එම සරසවියට කිසිදු ආර්ථික වාසියක් නොලැබෙන බවද අප කළ විමසීම්වලදී හෙළි විය.

මේ අතර, රාජපක්ෂ මහාචාර්යවරයා කරවිල ඇටවලින් පිළිකා නසන බෙහෙතක් නිෂ්පාදනයෙන් පසුව එය සායනික පරීක්ෂණයකට ලක් කළ බවට පැවසුවද, අප සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ එවැනි සායනික පරීක්ෂණයක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඔවුන් සතුව නොමැති බවයි.

සබැඳි පුවත්

පිළිකා වලට වඩා පිළිලයක් වූ පිළිකා ‌බෙහෙත් කඩ 

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved