Connect with us

පුවත්

දකුණේ දේශපාලකයින් උතුර රැවැට්ටුවා; ඉදිරි මැතිවරණයට එන්නෙ නෑ – විග්නේෂ්වරන්

Published

on

තමන් දේශපාලනයෙන් ඉවත් නොවන නමුදු දැන් වයෝවෘධ බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී දක්ෂ තරුණ පිරිසකට එම අවස්ථාව ලබා දීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් මහතා කියයි. 

 ඔවුන්ට උපරිමයෙන් තම සහාය ලබා දෙන බවත් විග්නේස්වරන් මහතා පවසයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරනු ඇතැයි යන විශ්වාසයෙන් උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ දකුණේ දේශපාලකයන්ට සහාය දැක්වුවද දකුණේ දේශපාලකයන් දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටුකර නැතැයි ද ඔහු චෝදනා කරයි.

දෙමළ ජනතාව සුළු ජාතියක් සේ නොසලකා සැමට සමාන ලෙස සලකන බවට නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර එවැන්නක් සිදු වුවහොත් දෙමළ ජනතාවගේ ගැටලු‍ බොහෝ දුරට නිරාකරණය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් පක්ෂ දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් මහතාට සහාය නොදී දකුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමට ගත් තීරණය සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ එතරම් පැහැදීමක් නොමැති බවද, අරියනේත්‍රන් මහතා යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ඡන්ද කොට්ඨාසවල පළමු ස්ථානයට පත්වීමෙන් පැහැදිලි වන්නේ දෙමළ ජනතාව දකුණේ දේශපාලකයන්ට වඩා තමන්ගේ අපේක්ෂකයා කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බව යැයි ඔහු අවධාරණය කරයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved