Connect with us

පුවත්

දකුණේ පාසල් ගොඩනැගිලි 50ක් කඩා වැටිලා!

Published

on

පසුගිය සති හයක පමණ කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පාසල් ගොඩනැගිලි පනහක් පමණ කඩා වැටී ඇතැයි වාර්තා වේ.

මෙම ගොඩනැගිලිවල අධ්‍යාපනය ලැබූ දරුවන් සහ ගුරුවරුන් වෙනත් පාසල්වලට යොමු කර තිබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසූ බව ‘අරුණ‘ පුවත්පත වාර්තා කරයි.

මෙලෙස කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුව ඇති බවත් ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කළ හැකි මට්ටමේ පවතින බවත් කී ලේකම්වරයා ලෝක බැංකු ආධාර යටතේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුදල් වෙන් කෙරෙන බවත් සඳහන් කර ඇත.

මාස දෙකක් ඇතුළත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකියාව පවතින බව ද ඔහු පවසා ඇත.

කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි වසර පනහ හැට පැරණි යැයි ද පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති යටතේ නව ගොඩනැගිලි ඉදිකර තිබෙන නමුත් මෙවැනි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට අවධානය යොමු කර නැතැයි ද කී ලේකම්වරයා එවැනි අවධානයක් යොමු කළේ නම් මෙතරම් විනාශයක් සිදු නොවන බවත් වැඩිදුරටත් පවසා තිබේ.

(මූලාශ්‍රය : අරුණ)

පුවත්

ASP ගේ පක්ෂය දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන්ට වෙන් කරයි 

Published

on

By

ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා නායක්තවය දරණ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් මෙවර උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සහය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය  අමාත්‍යවරයකු ද වන කේ. කාදර් මස්තාන් මහතා අදාළ ලයිස්තු සකස් කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළ බව පැවසේ.

මේ පක්ෂය සඳහා ද මුදල් යොදවනු ලබන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා රාශියක හිමිකරුවකු වන දෙමළ ජාතික ව්‍යාපාරිකයකු බව වාර්තා වේ.

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හයිලෙවල් පාරේ කොටසක් ජලයෙන් යටවෙයි

Published

on

By

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved