Connect with us

පුවත්

දඬය ගෙවන්න පිට කොටුවේ බෝ ගහයට ටිං එකක් හොල්ලන්ද – මෛත්‍රී 

Published

on

පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) නිට්ටඹුවේදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද කීය..

“කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙමෙයි මම. මම සහ මගේ හිතවතුන් තීරණය කරලා තිබෙන්නේ, අපි අපට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝ ගහ යට ටිං එකක් හොල්ල හෝල්ල ඉන්නද කියලා? කිසිදු ආදායමක් නැහැ. මගේ වත්කම් ප්‍රකාශනය හැම අවුරුද්දේම මම පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. මම ජනාධිපතිවෙලා හිටපු අවුරුදු 5ත් හැම අවුරුද්දේම මම දීලා තියෙනවා මගේ වත්කම් ප්‍රකාශනය. ඉතින් මගේ වත්කම් ප්‍රකාශනය ඕනේ කෙනකුට බලන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ. ඕනේ නම් අරගෙන බලන්නත් පුළුවන් මට මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මගේ මිත්‍රයෙක් තීරණය කරලා තියෙන ආකාරයට මම බලාපොරොත්තු වෙන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ගන්නයි. මම පුද්ගලිකව කියනවා මට නම් මොන විදිහේ අභියෝග ආවත් මගේ දෙපා මුලට හෙණ හැහුවත් මට වැදෙන්නේ නැහැ. ඒ ඕනෑම අභියෝගයකට මම සිනාමුසු මුහුණෙන් මුහුණ දෙනවා.”

පුවත්

 තරුණයකුගේ වෘෂණ කෝෂ තැලූ සිද්ධියකට “ටීචර් අම්මා” පොලිසිය සොයයි

Published

on

By

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඇයගේ ආයතනයේ සේවය කළ තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධියට මුහුණදුන් තරුණයා පොලීසියට පවසා ඇත්තේ සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ටුවකට අදාළව ගුරුවරිය ඇතුළු කිහිපදෙනෙකු විසින් තමන්ට පහර දුන් බවයි. 

එසේම, හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති බවද පැවසේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ එම තරුණයා මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

චෝදනාවට ලක්ව සිටින ටීචර් අම්මා නමැති අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවස සහ උපකාරක පන්ති පවත්වන ස්ථානය පරික්‍ෂා කළද එම ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඇය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ තරුණායට පහරදීමේ සිද්ධියට ඇයගේ සැමියා හා ඇයගේ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එහිදී අධිකරණය පොලීසියට නියෝග කර ඇත්තේ හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා‘ නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Continue Reading

පුවත්

රුසියානු තානාපති කාර්යාලයට ලැප් එකක් දී පලාගිය ජර්මන් කත අල්ලයි

Published

on

By

රුසියානු තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් භාර දී පලා ගිය ජර්මන් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජර්මන් ජාතික කාන්තාව ඉකුත් අප්‍රේල් 28 වනදා රුසියානු තානාපති කාර්යාලයේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු හට එම ලැප්ටොප් පරිගණකය ලබා දී පලා ගොස් තිබූ බව පැවසේ. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලීසිය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් එම සිද්ධියට අදාළ ජර්මන් ජාතික කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණ ඇති බවද පැවසේ.

ඒ අනුව අදාළ විමර්ශන අවසන් වනතෙක් ඇයගේ ගුවන් ගමන් තහනම් නියෝගයක් පසුගිය 04 වනදා අධිකරණය මගින් ලබාගෙන ඇත. 

තත්ත්වය එසේ තිබියදී එම ජර්මානු ජාතික කාන්තාව විදෙස්ගත වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී පනවා තිබූ ගුවන් තහනමට අනුව ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය මගින් සැකකාර විදෙස් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඒ අනුව සැකකාර ජර්මන් ජාතික කාන්තාව අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

Continue Reading

පුවත්

වෙසක් වලින් පස්සේ ලයිට් බිල 33%කින් වැඩිවෙයි

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබන සතිය තුළ යැවීමට සැලැසුම්කර ඇති බව වාර්තා වේ.

මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය. 

එය ඉටුකිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344 කින් යුත් ණය වාරිකය නිදහස් කිරීම ද පමා වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved