Connect with us

පුවත්

දරුවන් හිඟමනේ ගෙනයාම නතර කිරීමට යාන්ත්‍රණයක් හදන්න කමිටුවක්

Published

on

මෙරට දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා ළමා පොලිස් ඒකකය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සැදුම්ලත් මෙම විශේෂ කමිටුව සම්බන්ධීකරණය කිරීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරිණි.
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබිණි.

මේ වන විට දරුවන් ලෙස සිගමනට යොදා ගැනිම ව්‍යාපාරයක් බවට පත්වීම සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, සිඟමන් යැදිම සඳහා දරුවන් යොදා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතා අවධාරණය කළේය.

පසුගිය සැප්තැම්බර් 5 වැනිදා සිට 8 වැනිදා දක්වා මහ නගර සභා  24 ක් සහ නගර සභා 41ක් ආවරණය වන පරිදි නගර ආශ්‍රිතව යාචකයින් පිළිබඳ සමීක්ෂණයක් සිදුකළ බව ජාතික සමාජ සංවර්ධන ආයතනය පෙන්වා දුන්නේය. මෙම සමීක්ෂණයේ දත්ත සටහන් කරමින් පවතින අතර මේ වන විට වාර්තා වී ඇති දත්තවලට අනුව යාචකයින් 3000 ත් 4000 ත් අතර සංඛ්‍යාවක් අදාළ ප්‍රදේශවල සිටින බව නිලධාරීහු පෙන්වා දුන්හ. එම දත්ත සටහන් සම්පූර්ණ කළ පසු සිඟමන් සඳහා භාවිතා කරන වයස අවුරුදු දහඅටට අඩු ළමුන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බව ඔවුහු පැවසූහ.

උක්ත සමීක්ෂණයේ වාර්තාව පිහිටුවනු ලබන විශේෂ කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරිය විසින් අදාළ නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නාය. එසේම, මුළු රටම ආවරණය වන පරිදි සමීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරු අවධාරණය කළහ.
මෙහිදි අමාත්‍යවරිය නව කමිටුව වෙත දැනුම් දුන්නේ ළමයින්  සිඟමනට යෙදවීම වැළැක්වීමේ යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙස හා එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් නීති සංශෝධන ගෙන ඒමටද මැදිහත් වීමට තම අමාත්‍යාංශය සූදානම් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුජිත් සංජය පෙරේරා, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, වීරසුමන වීරසිංහ, සංජීව එදිරිමාන්න, ගුණතිලක රාජපක්ෂ හා උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved