Connect with us

පුවත්

දවල් එනව කිව්ව UL 308 අදත් ප්‍රමාදයි; ශ්‍රී ලංකන් සුපුරුදු පරිදි මගියෝ අනාථ කරයි

Published

on

අද (25) දහවල් 12.15ට  කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතව තිබූ UL 308 දරණ ගුවන් යානය මෙතෙක් පිටත් නොවීමෙන් විශාල මගීන් පිරිසක් අපහසුවට පත්ව සිටින බව ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ ප්‍රමාදය හේතුවෙන් මේ ගුවන් යානය යොදාගනිමින් සිංගප්පූරුවට ගොස් වෙනත් ගමනාන්ත වෙත යාමට සූදානම්ව සිටි මගීන්ට එම ගුවන්ගමන් මඟහැරෙන තත්ත්වයක්ද මේ අනුව නිර්මාණය වී ඇතැයි පැවසේ.

කෙසේවුවද, මේ ප්‍රමාදය සම්බන්ධයෙන් ගුවන් මගීන් දැනුවත් කරමින් අදාළ ගුවන්යානය අද පස්වරු 2.30ට ගමන් ආරම්භ කරන බවට දන්වා තිබුණද ඒය අද පස්වරු 3.20ට ද කටුනායක ගුවන් තොටුපල‌ේ තිබූ බව වාර්තා වේ.

එසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ට එවන ලද SMS පණිවුඩය පහත දැක්වේ.

“SriLankan Airlines wishes to apologize for the delay of UL308 from CMB to SIN on 25NOV. Your flight will depart 1430Hrs/25NOV and arrive in SIN 2100Hrs/25NOV.”

පුවත්

ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී තිබේ.

මෙසේ ඉල්ලා අස්වී තිබෙන්නේ එම රෝහලේ සේවය කරන ලද විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා රෝහල් පාලනාධිකාරිය වෙත භාර දී ඇත. 

පෞද්ගලික අවශ්‍යතාවක් මත රෝහලෙන් ඉවත් වන බවට එම විශේෂඥ වෛද්‍යවරයා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.

කෙසේ වුවද මෙම රෝහලේ තවත් එක් විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු සේවය කරන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම රෝහලේ සේවය කරනු ලැබු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දහඅට වැනිදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළේය. 

එම විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ශල්‍ය ආයිතම රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගින්ට දැනුම් දීම ඇතුළු චෝදනා රැසකටය.

සබැඳි පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Continue Reading

පුවත්

කොස්ගමදී කොටහැර පොඩ්ඩාගේ පවුලටම වෙඩි තියලා 

Published

on

By

මවක, දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

කොටහැර පොඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු  තිදෙනකු මෙසේ තුවාල ලබා අවිස්සාවිල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.

හංවැල්ල ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹා නැවත නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් නමය වර්ගයේ බවට සැක කළ හැකි උණ්ඩ නමයක් හමුවී ඇති අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක තුවාලකරුවකු සැඟව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

Continue Reading

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved