Connect with us

පුවත්

දහම් පාසල් සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

Published

on

දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.

‘දිනමිණ’ වාර්තා කළේ කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දැරියක් අපයෝජනයට ලක් කළ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමක් මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

මෙම හිමිනම  සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර එම දහම් පාසැලේ අධ්‍යාපනය ලැබීම සඳහා SOS ළමා ගම්මානයේ  රැකවරණය ලබන මෙම සිසුවිය ඇතුළු  ළමුන් පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.

ඒ අතරින් මෙම සිසුවිය දහම් පාසල් තරග සඳහා තෝරා ගෙන ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම්වලට සවස් කාලයේදී ගෙන්වා ගෙන ඇයව හිමිනම වාසය කරන කාමරයට කැදවාගෙන ගොස් ටොෆී , චොකලට්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් , අත් ඔරලෝසුවක්, සුවද විළවුන් හා මුදල් ඇතුළු තැගි භෝග ලබා දී රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අදාළ දැරිය රැකවරණය ලබන ළමා ගම්මානයේ පාලනාධිකාරිකාරියෙන් ලබා නොදෙන උපකරණ දැරිය සන්තකයේ තිබෙනු එහි පාලනාධිකාරිය  දැක විමසා ඒ බව දැරියගේ මවට පවසා තිබේ.

අනතුරුව  මව පැමිණ දැරියගෙන්  ප්‍රශ්න කිරීමේදී ඉකුත් අගෝස්තු 02 දා සිට සැප්තැම්බර් 09 දා දක්වා කාලය තුළ දහම් පාසැලේ තරග වලට පුහුණු වීමට ගිය අවස්ථාවේදී විවිධ භාණ්ඩ දී රවටා මෙම ලිංගික අපරාධය සිදුකර ඇති බවට තොරතුරු  අනාවරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව දැරියගෙන් සහ හිමිනමගෙන් ප්‍රකාශ සටහන් කොටගෙන වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හිමිනම කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved