Connect with us

පුවත්

දළදා ආරවුල; වදාකඩ පත්තිරිප්පුව බිම

Published

on

රට තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමානව පොතුහැර වදාකඩ ඉදිකර ඇති ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත.

අද (08) පෙරවරුවේ සිට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැකගත හැකි විය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන ගොඩනැගිල්ලක් ඉදිකර නියම දළදා වහන්සේ එම ස්ථානයේ සිටින බව පවසමින් ජනතාව රවටමින් මුදල් හා රන් භාණ්ඩ එකතු කිරීමේ ව්‍යාපාරයක ජනක සේනාධිපති නමැත්තා යෙදී සිටින බැවින් එම බෞද්ධ විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සමඟ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.

එම දැනුම් දීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබියදී එම ස්ථානය නැරඹීමට පෙරේදා (7) ගිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ්‍රී දළදා මාලිගාවට හානියක් සිදු වන ආකාරයටත් බෞද්ධ ජනතාව ඇවිස්සෙන ආකාරයටත් ඉදිකර තිබෙන පත්තිරිප්පුව හා සමාන ගොඩනැගිල්ල වහාම කඩා ඉවත් කරන ලෙස සේනාධිපති මහතාට දැනුම් දුන්නේය.

තමා නැවත සති දෙකකින් මෙම ස්ථානයට එන බවද ඒ එන විට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කර නොතිබුණොත් තමන් එය කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවද සිල්වා මහතා කියා සිටියේය.

මර්වින් සිල්වා මහතාගේ නියෝගයක් බදු එම දැනුම් දීම එම අවස්ථාවේදීම පිළිගත් සේනාධිපති මහතා අද පෙරවරුවේ සිටම එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වුවද රෝගීන් සුවපත් කිරීම සඳහා සේනාධිපති මහතා ගෙන යන වැඩ පිළිවෙල ඇගැයීමට ලක් කරමින් එහිදී අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා ඒ සඳහා තමන්ද අවශ්‍ය ඕනෑම උදව්වක් ලබා දීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.

(අද)

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved