Connect with us

පුවත්

දිප්පිටිගොඩ වෙඩිතැබීමේ ඉලක්කය ඇමති ප්‍රසන්නගේ ගෝලයෙක් (Update)

Published

on

කැලණිය දික්පිටිගොඩ සිදු වූ වෙඩි තැබීමේ ඉලක්කය ඇමති ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් සිටි පිරිසක් බව වාර්තා වේ.

එම පිරිස දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටියදී අද 25 සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

මේ වෙඩි ප්‍රහාරයේ ඉල්ලකය කඩවත කල්ප නැමැති පාතාල කල්ලියේ සාමාජිකයකු බව කියන තරංග ඇතුළු පිරිසක් බවත්, මෙම වෙඩි ප්‍රහාරයෙන් තරංග හා එහි රැඳී සිටි දෙදෙනකුට වෙඩි වැදී ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි කැළණිය පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් බාරයේ සිට 2021 වසරේ දී අධිකරණය මගින් ඇප මත මුදා හැර සිි අයකු බවට ද තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු මාධ්‍යට අනාවරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීමට යෑමට තරංග ඔහුගේ මිතුරන් දෙදෙනකු සහ තවත් කිහිප දෙනකු එනතෙක් එන තෙක් රැඳී සිටි අතරවාරයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ දිවි බේරා ගැනීම සඳහා දිව යද්දී පසුපස පන්නාගෙන ආ වෙඩික්කරුවන් යළි යළිත් වෙඩි තබා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

හිස් උණ්ඩ පහළොවක් පමණ අවට විසිරී තිබී පොලිසියට හමුවී ඇත.

එක් අයකු දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට වසර කිහිපයකට පමණ ඉහත දී ඔහු බිරිඳ සහ දරුවන් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචියට ගොස් සිට ඇතැයි ද පැවසේ.

මොහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කියන රැස්වීමට සහභාගිවීමට යාමට දිප්පිටිගොඩ ප්‍රදේශයට පැමිණ සිට ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

වෙඩිතැබීම සිදුකර ඇත්තේ “දිප්පිටිගොඩ ලහිරු” නමැති අපරාද කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් වන අතර, දෙපාර්ශ්වය අතර පවතින ආරවුලක් මීට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මීට දින කිහිපයකට පෙර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න මහතාගේ ගෝනවල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට ද කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් ඒල්ලකර තිබිණි.

මූලාශ්‍රය – ලංකාදීප

සබැදි පුවත්
ප්‍රසන්න රණවීරගේ නිවසකට ගල් ගහලා 

——————————-

(පෙර පුවත : 2023 ජුනි 25 ප.ව. 7:33)

දිප්පිටිගොඩ වෙඩි තැබීමක්; 4ක් තුවාලයි!

කැලණිය දික්පිටිගොඩ සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved