Connect with us

පුවත්

දියවැඩියා රෝගියාට පිළිකා ඖෂධ දීලා රෝගියා මියගිහින්

Published

on

ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත් කළ ඖෂධයක් භාවිතයෙන් පසු කාන්තාවක් රෝගී වී මියගිය බවට පුවතක් හොරණ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ අධි රුධිර පීඩනය සහ දියවැඩියාවෙන් පෙළුණු ඇයට එම ඔසුසැල නිකුත් කර ඇත්තේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බවය.

මෙලෙස මිය ගොස් තිබුණේ ඉංගිරිය ඉහළ ඌරගල පදිංචිව සිටි හැට දෙහැවිරිදි පී.එම්.සෝමවතී මහත්මිය යි.

අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් කලක සිට පෙළුණු ඇය හොරණ මූලික රෝහලේ සායනයෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

ඒ අනුව ඇගේ රෝග විනිශ්චය වාර්තා ද රැගෙන ඇගේ සැමියා පසුගිය 31 වනදා රෝහලේ සායනයට ගොස් තිබුණේ ඇයට අවශ්‍ය ඖෂධ රැගෙනඒම සඳහාය.

එහිදී ඔහුට රෝහලේ සායනයෙන් ඖෂධ කිහිපයක් ලබා දී ඇති අතර නොතිබුණ ඖෂධ කිහිපයක් පෞද්ගලික ඔසුසැලකින් මිල දී ගන්නා ලෙස පවසා තිබේ. 

ඒ අනුව ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලින් ලබාගත් ඖෂධ සතියක් පමණ භාවිත කරන විට සෝමවතී මහත්මියට යම් අපහසුතා හටගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව්. ලීලාරත්න මහතා,

“එයාගේ කටේ තුවාල දාලා වතුරවත් බොන්න බැරුව ගියා. ඊට පස්සේ බඩ දැවිල්ල, මුත්‍රා අමාරු, බඩ යෑම ආවා. සේරම වණවෙලා දැවිල්ල හැදුණා.” 

එලෙස එක්වරම රෝගී වූ සෝමවතී මහත්මිය කඩිනමින් රෝහල්ගත කිරීමට ඥාතීන් පසුගිය 10 වනදා කටයුතු කර තිබූ අතර ඇගේ රෝගී තත්ත්වයට හේතුව අනාවරණ වී තිබුණේ ඒ අතරතුරය.

 ඩබ්ලිව්. ලීලාරත්න මහතා,

“මිසී කෙනෙක් බලලා තියෙනවා, මෙයාට දුන්න බෙහෙත් මොනවාද කියලා. ඒ අවස්ථාවේ තමයි මේ වැරදි බෙහෙත හඳුනාගෙන තියෙන්නේ හොස්පිටල් එකෙන්.”

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  පී.එම්.සෝමවතී මහත්මියගේ ලේලිය, 

“ෆාමසියෙන් පිළිකාවට දෙන බෙහෙතක් තමයි අම්මට දිලා තියෙන්නේ. අම්මා සතියක් තිස්සේ ඒ බෙහෙත තමයි බීලා තිබුණා. බෙහෙත් විෂවෙලා තමයි අම්මාගේ ජීවිතේ අද අපිට නැති වුණේ.”

සෝමවතී මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් ඉංගිරිය පොලිසීයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පී.එම්.සෝමවතී මහත්මියගේ දියණිය,

“නීතියෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න මහත්තයා. අපේ අම්මගේ වගේම තවත් ජීවිතනේ ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා.”

(අද දෙරණ)

සැබැඳි පුවත්
පිළිකා වලට වඩා පිළිලයක් වූ පිළිකා ‌බෙහෙත් කඩ 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved