Connect with us

පුවත්

දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Published

on

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (14) නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දීයී.

එම අවස්ථාවට සර්වජන බලය එකමුතුවේ පක්ෂ නායකයින් වන වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

කොට්ඨාස මැතිවරණ ප්‍රචාරක කාර්යාල අද රාත්‍රියෙන් පසු තහනම්

Published

on

By

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත්කිරීම අවශ්‍ය වෙනවා. ඊයේ වෙනකම් අවසර දීලා තිබුණා දිස්ත්‍රික්කයට එක ප්‍රධාන කාර්යාලයකුත්, සෑම ඡන්ද කොට්ඨාසයකම (ඡන්ද මධ්‍යස්ථානයකට අදාළ වන කොටසට) එක් කාර්යාලයක් බැගින් පවත්වාගෙන යන්න. නමුත් අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තියන්න පුළුවන් වෙන්නේ මැතිවරණය කොට්ඨාසයේ නැත්නම් දිස්ත්‍රික්කය සඳහා එක් කාර්යාලයකුත්, ඡන්ද ප්‍රදේශයක් නැත්නම් පැරණි ආසනයක් සඳහා එක් කාර්යාලයකුත් පමණයි.  ඔවුන් ඉවත්කරගන්නේ නැත්නම් අපි, පොලිසිය මගින් ඒවා ඉවත්කරගන්න කටයුතු කරනවා.

අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් බවට පවත්වාගෙන යා හැකියි. නමුත් දැනට පවත්වාගෙන යන කාර්යාල හෝ අපේක්ෂකයාගේ නිවස ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර 500ක් ඇතුළත පිහිටුවා තිබෙනවා නම්, 21වැනිදා ඡන්ද විමසීම ආරම්භවීමට පෙර ඒ කාර්යාල ඉවත්කරගන්න ඕන. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස ඒ සීමාව තුළ තිබෙනවා නම් ඔහුගේ ඒ නිවසේ තියෙන සැරසිලි හා ප්‍රචාරක පුවරු ඉවත්කරගැනීම කළ යුතු වෙනවා.”

Continue Reading

පුවත්

ඡන්ද ගණන් කරද්දී ජංගම දුරකථන භාවිතය තහනම්

Published

on

By

මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්ද ගණන් කිරීම සිදු කරන අවස්ථාවලදී කිසිඳු පුද්ගලයෙකුට එම මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඡන්දය ගනන් කිරීමේ මධ්‍යස්ථානවල තොරතුරු විවිධ ආකාරයට ප්‍රචාරය වී ගැටළු ඇතිවීම් වාර්තා වූ බැවින් මෙවර ඡන්දය ගනන් කිරීමේ නිලධාරීන් කිසිවෙකුටත් ජංගම දුරකථන එම මධ්‍යස්තාන තුළට රැගෙන යාම තහනම්ය.

එමෙන්ම පෙර පරිදිම ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදීත් ජංගම දුරකථන රැගෙන යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

Continue Reading

පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

Published

on

By

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතු ව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම පරීක්ෂණ අවසන් වූ වහා ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved