Connect with us

පුවත්

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් – සුසිල්

Published

on

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඒ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද හඳුනාගෙන ඒවා ඉවත්කර නව ඉදිකිරීම් කිරීම සිදුකෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

වැල්ලම්පිටිය වේරගොඩ, විද්‍යාලයේ ජලකරාම සවිකර තිබූ බැම්මක් පෙරළීමෙන් ඊට යටවී පළමු වසරේ දැරියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තම පාසල් වල අබලන් ගොඩනැගිලි ඇත්නම් ඒවා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසත් සිසුන් එවැනි ගොඩනැගිලි වලින් ඉවත්කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසත් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව ඔහු කීය.

පුවත්

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

Published

on

By

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වනදා නිකුත්කෙරුණු අතර එම විභාගයට පෙනී සිටි පිරිවෙන් අධ්‍යාපනය ලබන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මෙලෙස අද දිනයේ නිකුත්කර තිබේ.

Continue Reading

පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ පහසුකම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කරන බවය.

කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03 ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරට

Published

on

By

නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබේ.

අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කිරීම සිදුකර ඇති බවට එම කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව, පසුගිය මස 18 වන දිනට පෙර අදාළ මෝටර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන අදාළ ව්‍යාපාරිකයාට අධිකරණ නියෝග කෙරුණි.

නමුත් එම නියෝග කඩ කිරීම හේතුවෙන් බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව, අධිකරණ නියෝග පරිදි අදාළ ජීප් රථය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved