Connect with us

පුවත්

දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇඟවීම්!

Published

on

මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 4ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ දිස්ත්‍රික්කවල ජනතාට දැනුම් දෙන්නේ, එම දිස්ත්‍රික්කවල ජනතාවට කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පොළොව ගිලා බැසීම් පිළිබඳව විමසිලිමත්වන ලෙසයි.

මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයකර තිබේ.

ඒ,මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම හේතුවෙනි.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, ජල මට්ටම නිරීක්ෂණය කරමින් සිටින බවයි.

පුවත්

බේස් නයිට් ක්ලබ් එකට විස්කි සප්ලයි කර ඇත්තේ ලක්පහන ඔටෝ

Published

on

By

වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් ගෙන එන ලද නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ලක්පහන ඔටෝ (Lakpahana Auto) වාහන ආනයන කොටස් අලෙවි සමාගමේ කළමනාකාරවරයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ. ඒ උදයකුමාර මහතාගේ සැලසුමකට අනුව දෙල්කඳ පිහිටි අදාළ වාහන අමතර කොටස් අලෙවි සමාගම පෙරේදා (15) වැටලීමට ලක්කර තිබිණි.

මෙහි මත්පැන් තොග වශයෙන් සඟවා තබා කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපා රිකයෙක් විසින් කොල්ලුපිටි හා කොට්ටාවේ පිහිටි බේස් (BASE) රාත්‍රි සමාජ ශාලා වෙත රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

තීරුබදු නොගෙවා මෙම මත්පැන් ආනයනය කිරීම මගින් රජයට විශාල ආදායමක් අහිමි කර ඇති බවත් සැකකරු විදේශීය මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත බාරදී ඇති බවත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.

පොලිස් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර

Published

on

By

දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි.

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඒ තුළින් දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකියාව පවතින බවය.

“මොකක් හරි කියන්න කලින් ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ. දෛනිකව දුම්රිය වාර 217ක් 220ක් වගේ යනවා. පහුගිය කාළේ එකෙන් 17ක් 18ක් 20ක් වගේ කැන්සල් වුණා. අපි පුළුවන් තරම් බලන්න ඕනේ කැන්සල් වෙන එක නතර කරන්න. එකට කරන්න ඕනේ දුම්රිය එන්ජිම් ටික ධාවන මට්ටමේ තියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෛනික ධාවනයට ලංකාවට ඕනේ වෙනවා දුම්රිය එන්ජින් 60ක්  70ක් විතර. නමුත් පසුගිය කාලේ  45ක් 50ක් විතර සැපයුම තිබුණේ. අපි බලනවා මේක වැඩි කරන්න. ඒක සාර්ථක වෙමින් පවතිනවා. පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට දෛනික ධාවනය සඳහා යොදන එන්ජින් ප්‍රමාණය 60කට වඩා වැඩි ප්‍රමාණයක් තියාගන්න. ඒ වගේම දවකට කැන්සල් වෙන ප්‍රමාණය අඩු කරන්න. ලංකාවේ ධාවනය වෙන දුම්රිය වලින් 52%ක් විතර දෛනිකව ධාවනය වෙනවා. 17%ක් විනාඩි 10කට වඩා පරක්කු වෙලා යන්නේ.  10%ක්  පැය භාගයකට වඩා පරක්කු වෙලා යන්නේ. මේ සේවයේ ගුණාත්මකභාවය වැඩි කරන්න නම් අපි දුම්රිය නියමිත වෙලාවට යන්න ඕනේ. ඒ සඳහාත් අපි අවධානය යොමු කරලා තියෙන්නේ.”

Continue Reading

පුවත්

ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු අතර සාකච්ඡාවක්

Published

on

By

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබේ.

ඒ 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවය.

එහිදී දෙරට අතර ඵලදායී අන්තර්ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බව සිය X ගිණුමේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී කටයුතු කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එම සටහනින් වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved