දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. එස්. ගුණසිංහ මහතා හා දුම්රිය වෘත්තීය සමිති අතර අද (24) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහ නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව ඊයේ සහ අද දිනයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර තිබුණු අතර, අද දිනයේ දුම්රිය ගමන්වාර 20 ක් පමණ අවලංගු කර තිබුණි.
————————————–
(පෙර පුවත : 2023 ජුලි 24 පෙ.ව. 6:48)
දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක; කාර්යාල දුම්රිය 10ක් නෑ
දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබේ.
දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් විසින් ආරම්භය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති අතර අද (24) දිනයේ උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 10 ක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සංසදය කියයි.
එසේ ධාවනය නොවන ගමන්වාර මෙසේය.