Connect with us

පුවත්

දුම්රිය වැඩවර්ජනය ගැන අවසන් තීරණය අද

Published

on

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවය.

උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගියදා දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක නිරත වූ අතර, අදාළ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට විසදුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මත එම වැඩවර්ජනය තාවකාලිකව නතර කරන ලදී.

කෙසේවෙතත් ඊයේ (15) දිනයේ දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පෙරවරුවේ රැස් වී තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කලේය.

මේ අතර, ගුරු- විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේ දී යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගුරු-විදුහල්පතිවරුන්ට වැඩවර්ජනයකට යාමට සිදුවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“විවිධ තර්ජන දාලා වෘත්තීය ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන්න ජනාධිපති උත්සාහ කරනවා. අපි දැවැන්ත විරෝධතා, විශාල උද්ඝෝෂණ ඇතුළු ක්‍රියාමාර්ග රැසක් අනිවාර්යයෙන්ම පාසල් පද්ධතිය තුළ මෙය ක්‍රියාවට නංවනවා. වැඩවර්ජන දක්වා මේ තත්ත්වය දරුණු වෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි කියනවා…”

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved