Connect with us

පුවත්

දුම්රිය සේවකයන් ගේ නිවාඩු අවලංගු කරයි

Published

on

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ මහතා සඳහන් කළේ, දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බවය.

මෙම නිවේදනය සිදුකරනු ලැබුවේ රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රී සිට පැය 24ක අඛන්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ලොකොමොටිව් දුම්රිය රියදුරු සංගමය නිවේදනය කිරීමත් සමගයි.

පුවත්

ඉතිහාසයේ මතද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලඟ තිබූ විශාලම මුදල සොයා ගනියි

Published

on

By

මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ.

ජාවාරම්කරු බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

එම සෝදිසියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරු මෙම සිද්ධියට අදාළව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

Continue Reading

පුවත්

විදුලි බිල අඩුවෙන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි (Update)

Published

on

By

මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අද (17) පස්වරුවේ එම අමාත්‍යංශය පවසා තිබුණේ උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසුව ඒ පිළිබඳව කටයුතු කරන බවයි.

————————————————-

(පෙර පුවත : 2025 ජනවාරි 17 ප.ව. 3:43)

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 20%කින් පහළට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සියයට 20ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.

මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මිල ගණන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

Continue Reading

පුවත්

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි 

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරන ලදී. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය ක‍ෙර‍ෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පි. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති, පැන් ගොන්‍ශ‍ෙන් මහතා ගිවිසුමට අත්සන් තැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved