Connect with us

පුවත්

දුව ගිය ජාත්‍යන්තර පාසලේ තදින්ම නවක වදය – මියගිය දැරියගේ පියා හෙළිකරයි

Published

on

‘මගේ දුව ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වසරේ. එයාව පාසලට එක්කං යන්නෙත් එක්කං එන්නෙත් අපිම තමයි. පෙරේදා (07) පාසල් ගිය දුව කිව්වා එදා ගීතිකා පුහුණුවක් හා අමතර පන්තියක් තියෙනවා කියලා. දවල් 02 ට විතර මම ඉස්කෝලෙ ළඟට ගිහිං දුවගේ කෑම එකත් ගිහිං දුන්නා. හවස 04.55 ට විතර මම දුවගේ ෆෝන් එකට කතා කළාම ආන්සර් කළේ පොලිසියෙන්. පොලිසියෙන් කීවා දුවට අනතුරක් නෙළුම් කුළුණට එන්න කියලා.” යැයි කොළඹ නෙළුම් කුළුණේ 29 වැනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියෙන් පැන සියදිවි නසාගත් රද්‍යා මෙත්මලී ගුණසේකර දැරියගේ පියා වන මංගල ගුණසේකර මහතා කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා ඉදිරියේ සාක්කි දෙමින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී රද්‍යා මෙත්මලී ගුණසේකර දැරිය පාසල් ගොස් ඇත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි කලම්බෝ ඉන්ටර් නැෂනල් ස්කූල් (CIS) වෙත බව තහවුරු කර ගැනීමට හැකිවිය.

මෙම දැරිය පෙරේදා (07) කොළඹ නෙළුම් කුළුණට පැමිණ එහි 29 වැනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියට ගොස් පාසල් බෑගය ද පසෙක දමා ඉන් පැන සියදිවි නසාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරික්ෂණය ඊයේ (08) කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් සාක්කි දෙමින් දැරියගේ පියා මෙසේ කීවේය.

”මේ මියගොස් සිටින්නේ මගේ දෙවැනි දුව. මෙයාට අක්ක කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ බෙලරූස්වල. මමයි මගේ බිරිඳයි තමයි දුවගේ හැමදේම බලන්නේ. මම රබර් නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා. අපි පදිංචිවෙලා ඉන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ. මියගිය මගේ දුව මේ අවුරුද්දේ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට හිටියේ. එයාව පාසලට එක්කන් යන්නෙත් පාසල් ඉවර වෙලා එක්කගෙන එන්නෙත් මමයි. නැත්තම් බිරිඳ.

දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කියනවා. ගිය සතියෙත් දවස් දෙකක් පාසල් ගියේ නැහැ. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්නේ නැහැ. පෙරේදා (07) උදේ 07.10 ට මම එයාව පාසල් ඇරලුවා. එදා අමතර පන්තියක් තියනවා කියලත් කීවා. මම එයාට හවස 05 ට දුරකතන ඇමතුමක් ගත්තත් ඒකට එයා කතා කළේ නැහැ.

අපි දුවට ෆෝන් එකක් දීලා තියෙනවා. එදා එයා මට මැසේජ් එකක් දැම්මා පාසල ඉවර වෙලා. ඒ අනුව මම දවල් 2 ට විතර පාසල ළඟට ගිහිං එයාට කෑම එකක් දුන්නා. කෑම එක ගන්න වෙලාවේ එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක. ඉතිං මම දුවට කතා කරල කෑම එක දීලා ගෙදර ගියා.

හවස 04.55 ට මම ඉස්කෝලේ ළඟට ගිහිං දුවට කතා කරාම එයාගේ පෝන් එක ආන්ස්වර් කළේ පොලිසියෙන්. පොලිසියේ මහත්තයා කීවා දුවට අනතුරක් වෙලා තියෙනවා වහාම නෙළුම් කුළුණට එන්න කියලා. ඊට පස්සෙ තමයි මම විස්තරේ දැනගත්තේ.

දුව හොඳට හිටියා. මානසික ආතතිය එයාට තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉඳලා ගිය අගෝස්තු වෙනකල් එයා මානසික ආතතියට බෙහෙත් බීවා. එයා හිටපු ගමන් ගොඩක් කලබල වෙලා එකපාරටම නිහඬ වෙනවා. පසුගිය ජුලි මාසයේදී කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් කුළුණෙන් පැනල සියදිවි නසාගත්ත ළමයි දෙන්නත් දුවගේ පන්තියේම හිටපු දරුවෝ. ඒ අය සියදිවි නසාගත්ත දවසේ ඉඳලා මගේ දුව සෑහෙන්න දුකින් හිටියේ. පාසලෙන් පවා කීවා මගේ දුව හොඳයි. ඒත් ඒ ළමයි දෙන්න සියදිවි නසාගත්තට පස්සේ එයා දුකින් ඉන්නේ කියලා.

ඒ වගේම දුවගේ ඉස්කෝලේ නවක වධය ලොකුවට තියෙනවා. මේ ගැන ළමයින්ගෙන් ඇහුවත් එයාලා කියන්නේ නැහැ. නවක වධයට දෙන්නේ මොනවගේ වදයන්ද කියලා කියන්නේත් නැහැ. මේක මිශ්‍ර පාසලක්. මෙයාගේ මානසික තත්ත්වය ගැන මට කියන්න තියෙන්නේ එච්චරයි. මට හිතෙන්නේ මෙයා සැලසුම් කරලම තමයි මේ දෙය කරගෙන තියෙන්නේ. නෙළුම් කුළුණට කොහොම ගියාද කියලා මම දන්නේ නැහැ.

අපි එයාගේ අතට සල්ලි දෙන්නේ නැහැ. එයාට බැංකු ගිණුමක් තිබුණත් එයාට ඒ සල්ලි ගන්න බැහැ අවුරුදු 18 ට අඩු නිසා. එයාට ලොකුවට මුදල් අවශ්‍යතාවකුත් නැහැ. එයා අමතර පන්තිවලට යනවා සෙනසුරාදා ඉරිදා දවස්වල. ඒවටත් අපිම තමයි එක්කං යන්නෙයි එක්කන් එන්නෙයි. ඊට අමතරව ගෙදරත් පන්ති දෙකක් තියෙනවා. ඒවටත් සහභාගී වෙනවා. එයාගේ ජංගම දුරකතනය අපි විටින් විට පරීක්ෂා කරනවා. එයා පෙරේදා යාළුවාටත් බොරුවක් කියලා තමයි නෙළුම් කුළුණට ගිහිං මේ අපරාධය කරගෙන තිබෙන්නේ.

දුවගේ බෑගයේ තිබුණු රුපියල් එක්දහස් පන්සිය අසූවක මුදලයි, ෆෝන් එකයි, බීම බෝතලයයි, පාසල් නිල ඇඳුමයි මරදාන පොලිසිය බාරයේ තිබෙනවා යැයි ඔහු වැඩිදුරටත් සාක්කි දෙමින් සදහන් කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම සිසුවියත් පසුගියදා අල්ට්‍රෙයා ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් සිසුවියත් එකම පාසලේ සිටි සමීපතම මිතුරියන් බවත් එම සිසුවිය ඉකුත් ජුලි මස 02 වැනිදා සියදිවි නසාගැනීමට පෙරාතුව පෙරේදා සියදිවි නසාගත් සිසුවිය අවස්ථා කිහිපයකදීම සිප වැළඳගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම සිසුවිය යම් මිත්‍යා විශ්වාසයකින් පසුවූ දැරියක් බවත් ඒ ගැන පාසල් මිතුරියන් සමගින් ද අවස්ථා කිහිපයකදීම විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මරදාන පොලිසිය විසින් සිදුකරයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading

පුවත්

කාදිනල් හිමි වතිකානය බලා පිටත්වේ

Published

on

By

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.

අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය.

ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටය.

අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved