Connect with us

පුවත්

දෙවියන්ගේ ඇස්වසා සීනිගම දෙවොලේ සල්ලි ගසාකාලා

Published

on

හික්කඩුව, සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බව 2021 හා 2022 විගණන වාර්තා වලින් හෙළිවන්නේ යැයි බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා කියා සිටී.

කෝවිඩ් අරමුදලට 2019 වසරේ දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කළ බවට සඳහන්ව ඇතත් එම මුදල් නිසි පරිදි ජනාධිපති අරමුදලට බැර නොවිම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු සදහන් වන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

කෝවිඩ් අරමුදල වෙනුවෙන් බැරකරන බව සඳහන් කර 2020.04.17 වන දින අංක 522358 දරණ චෙක්පතින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ද 2020.06.28 දින අංක 522366 දරණ චෙක්පතින් තවත් ලක්ෂ 05ක මුදලක්ද ලබා ගෙන ඇතත් එවැනි මුදලක් ජනාධිපති අරමුදලට බැර කර නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

දේව පූජාව සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය, පූජා භාණ්ඩ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු දක්වා ඇත.

දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැති හා විධිමත් ඇස්තමේන්තු නොමැති බවද අදාල විගණන වාර්තාවල කරුණු දක්වා ඇත. එහි පළමු මහල සදහා රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් වැයකර තිබෙන බවද එහි සදහන්ය. මෙය විහාර දේවාලගම් පනත උල්ලංඝනය කිරීමක් බවද පළමු මහලේ ඉදිකිරීම් සදහා මුලු පිරිවැය ඇස්තමේන්තුවෙන් කොපමණ වැඩ ප්‍රමාණයක් අවසන් කර ඇත්දැයි යන්න හා ඒ පිරිවැය ඉක්මවා වියදම් කර ඇත්ද යන්න දැන ගැනිම සඳහා කිසිම ගිණූම් වාර්තාවක් සීනිගම දේවාලයේ කාර්යමණ්ඩලය සතුව නැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වන වගන්තිය හා 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සදහන් නිරික්ෂණ කිසිවක් නොමැතිව එවැනි ඉදිකිරිමක් කිරීම නිති විරෝධි බවද විගණකාධිපතිවරයාගේ අදහස වී තිබේ. 

සිනිගම දෙවොල් දේවාල භූමියේ ඉදිකිරිම එම චක්‍රලේඛණ උල්ලංගනය කිරිමක් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර් ගමගේ මහතාද පෙන්වා දී තිබේ.

එයට අමතරව වසර 13 ක කාලයක් දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන තිබුණනත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් දේවාලය සතු කාර්යාලයේ කිසිදු ආකාරයකින් සදහන් නොවන බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 

මේ සම්බන්ධයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා මාධ්‍යට මෙසේ පවසා තිබේ.

“සීනිගම දේවාලයේ අකටයුතු සම්බන්ධව ඒ ප්‍රදේශයෙන් ලැබුණු පැමිණිලි මත අපි පරික්ෂණයක් සිදු කලා. දේවාලය සම්බන්ධයෙන් සිදුකල විගණන පරික්ෂණය අනුව එහි වත්මන් භාරකරු අත්තනෝමතිකව මුදල් පරිහරණය කිරිම හා විවිධ ඉදිකිරිම් කටයුතු කර තිබෙන බවද තහවුරු වුණා. ප්‍රසම්පාදන වැය ශීර්ෂ කිසිවක් නොමැතිව මුදල් වියදම් කිරීම නිති විරෝධි කටයුත්තක් බව අපි පෙන්වා දුන්නා.  ඒ සම්බන්ධව සියලු වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමාවෙත යොමු කර ඊට අදාල පියවර ගන්නා ලෙස අපි දැනුම් දී තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබල කොමසාරිස් කේ සිරිවර්ධන මහතා මෙසේ කියා සිටී.

“ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විගණන වාර්තාවල සඳහන්ව තිබෙනවා. අදාල කාරණා සම්බන්ධව මේ වන විටත් අදාල බලධාරින් දැනුවත් කිරිමට අප කටයුතු කර තිබෙනවා. වත්මන් භාරකරුට මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙසත් විගණන පරික්ෂණ කාල සීමාවේදීම අපි තරයේ අවවාද කර තිබෙනවා” යනුවෙන්ද සදහන් කළේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved