Connect with us

පුවත්

දෙවෙනි පරපුර දෙකඩ වෙයි

Published

on

උවිදු විජේවීර මහතා ප්‍රධාන ලේකම් ධූරය දරන දෙවන පරපුර පක්ෂයට එරෙහිව මහර අධිකරණය විසින් ඊයේ (21) නියෝගයක් ලබාදී තිබේ.

අනීතික ආකාරයෙන් පක්ෂයේ අති විශේෂ මහ සභාවක් කැඳවීමට සූදානම් වීම හේතුවෙන් උවිදු විජේවීර ඇතුළු පක්ෂයේ කිහිපදෙනෙක්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් දෙවන පරපුරේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ වෙනුවෙන් නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා පැවසුවේය.

අධිකරණ නියෝගය කඩ කරමින් යම්කිසි හෝ කාරණාවක් සිදුවන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් සේ සලකා නඩු පැවරීමටද කටයුතු කරන බව කුමාරසිංහ මහතා පවසන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙවන පරපුර පක්ෂයේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා පැවසුවේ කලක පටන් පක්ෂය තුළ අර්බුදයක් පැවතියද එය මහජනතාව අතරට ගෙන යාම නුසුදුසු හෙයින් එය දරාගෙන සිටි නමුත් අවසානයේ අධිකරණය දක්වා යාමට සිදුවූ බවයි.

අධිකරණයට යාමට පෙර මැතිවරණ කොමිෂන් සභාව හරහා මෙම මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හා පක්ෂය සමඟ සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට ගනු ලැබූ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ බවයි අබේසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ උපදෙස් මත අවසානයේ අධිකරණය දක්වා මෙම ප්‍රශ්නය ගෙනයාමට සිදුවූ බව ඔහු පවසන ලදී.

ජනතාව වෙනුවෙන් පිහිටවනු ලැබූ පක්ෂයක් ගජමිතුරන් සහ තමුන්ගේ හිතවත් පිරිසක් සමග අනීතික ආකාරයට මෙහෙයවීම ඉතාමත්ම බරපතල කාරණාවක් බවත් පසුගිය ජාතික මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂය නියෝජනය කරන ජාතික කමිටුවේ කිසිදු අනුමැතියක් ගෙන නොතිබූ බවත් ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වුවද කිසිම අනුමැතියක් ලබාගෙන නොතිබූ බවද අබේසිංහ මහතා කියාසිටියේය.

සන්ධාන ගතවීම් වැනි සිදුවීම් සම්බන්ධයෙන්ද පක්ෂයේ ජාතික කමිටුවේ කිසිදු අනුමැතියක් නොතිබූ අතර පක්ෂය වෙනුවෙන් කතා කරන පිරිස් ඉවත්කිරීමේ කුමන්ත්‍රණය පැරදවීම සඳහා අවසානයේ අධිකරණය ඉදිරියට යාමට සිදුවූ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved