Connect with us

පුවත්

දෙහිවලට 88 යි

Published

on

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 88 වන සංවත්සරය අදට (ජුලි 03) යෙදී තිබේ.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ,  වයස අවුරුදු 12න් පහළ දරුවන්ට අද දිනයේදී සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

ජර්මන් ජාතික ජෝන් හාර්ගෙන්බෙක් විසින් වර්ෂ 1905 දී පමණ වනගත අලි ඇතුන් අල්ලා ජර්මනියේ පිහිටි හැම්බර්ග් නගරයට අපනයනය කිරීමට පෙර, රඳවා තබා ගන්නා ස්ථානයක් ලෙස අක්කර 5ක භූමි ප්‍රමාණයක දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කර ඇති බව සඳහන්ය.

පසුකාලීනව එය, එනම් 1926 දී “ලංකා සත්ත්ව උද්‍යාන සමාගම” ලෙස නම් කර තිබෙන අතර 1933 දී ඇති වූ දෙවන ලෝක මහා සංග්‍රාමයත් සමඟ එම සමාගම බ්‍රිතාන්‍ය රජය යටතට පත් වී ඇත.

නමුදු 1935 පමණ වනවිට සත්ත්ව උද්‍යාන සමාගමේ ජීවත් වූ වන සතුන් සීඝ්‍රයෙන් බෝවීමත්, ඔවුන්ට ප්‍රමාණවත් ඉඩකඩ හා ආහාරපාන නොමැති වීමත් මත ලංකා සත්වෝද්‍යාන සමාගම බංකොලොත්භාවයට පත් වී ඇති අතර 1936 ජුලි 03 වන දා ලංකා සත්ත්ව උද්‍යාන සමාගම රජයට පවරාගෙන ඇත.

ඒ, වන සත්ත්ව ලෝලියෙකු වූ ඕස්ට්‍රේලියානු ජාතික මේජර් ඕබරි එන්. වයිමන් විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙත සිදුකළ දැඩි ඉල්ලිමක ප්‍රතිඵලයක් හැටියට බව සඳහන්ය.

එයාකාරයෙන් ස්වාධීන දෙපාර්තමේන්තුවක් ලෙස ඇරඹි ජාතික සත්වෝද්‍යානයේ පාලන කටයුතු 1982 අංක 41 දරණ ජාතික සත්ත්ව උද්‍යාන පනතේ විධිවිධාන අනුව සිදුකෙරෙනු ඇත.

එලෙස ඇරඹි දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 88 වන සංවත්සර සැමරුමට සමගාවීම අද දින සිට Online Ticketing නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබේ.

පුවත්

තැපැල් පෙට්ටිය මාලිමාවට හැරෙයි

Published

on

By

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම පක්ෂයේ ඊයේ (22) රැස්වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේනමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය

Continue Reading

පුවත්

රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා, තුන් මාසෙකට කමිටුවක් පත් කරයි

Published

on

By

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (22) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, නිර්දේශිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර, එහි සභාපති ලෙස කටයුතු කරන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතායි.

දින 90 ක් තුළ නව නිලධාරීන් පත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Continue Reading

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved