Connect with us

පුවත්

දෙහිවල ඇලක් රතු වෙන්න තීන්ත හැලූ පුද්ගලයා අත්අඩංගුවට

Published

on

දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ සිට අත්තිඩිය වැව හරහා කටු ඇල දක්වා යන ඇල මාර්ගයට තීන්ත වර්ගයක් මුදහැරීමේ චෝදනාව මත සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවය.

අත්තිඩිය වැව හරහා කටු ඇල දක්වා යන ඇල මාර්ගයේ රසායනික වර්ගයක් මුසුවී සම්පූර්ණ ඇල මාර්ගයේම ජලය කවුඩන ප්‍රදේශයේ රතුපැහැ ගෙන ඇති බවට පසුගිය සතියේ වාර්තා විය.

ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්දයෙන් පොලිස් පරිසර ඒකකය මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය දැනුවත් කර තිබුණි.

මෙහිදී අනාවරණය වී ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක තිබූ අදාළ රතු පැහැති තීන්ත සහිත බැරලය ඉවත් කරන ලෙස අත්අඩංගුවට ගත් සැකකරුට යම් පාර්ශවයක් උපදෙස් ලබා දී ඇති බවය.

ඒ අනුව,  අදාළ බැරලය ඔහු සිය නිවසට රැගෙන ගොස් තබා ඇති අතර පසුගිය දිනවල ඇති වූ වර්ෂාවත් සමඟ ඒවා පෙඟී තිබේ.

ඉන් අනතුරුව සැකකරු විසින් එය ඇල මාර්ගයට මුදාහැර ඇති බවටයි තොරතුරු වාර්තා විය.

දින තුනකට ආසන්න කාලයක් මෙම ඇල මාර්ගයෙහි ජලය රතු පැහැය ගෙන තිබූ බව සඳහන්. ප්‍රදේශවාසීන් සිදු කළ පැමිණිලි අනුව විමර්ශනය සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරුට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර ඔහුට මහේස්ත්‍රාත්වරිය දැඩි ලෙස අවවාද කර තිබුණි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved