Connect with us

පුවත්

“දේශපාලකයෝ හිතුන හිතුන විදියට නීති කඩනවා”

Published

on

රට දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත්කිරීමේ ප්‍රධානම නියමු කාර්යභාරයක් නීතිපති දෙපාර්තමේන්තුවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (01) ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසු අතර මේ සඳහා නීතිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ඔවුන් විසින් තමාට ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කලේය.

මුළු රාජ්‍යය පුරාම වංචාව, දූෂණය පිළිකාවක් මෙන් පැතිර තිබෙන බැවින් දූෂණ වැළැක්වීම සඳහා විශාල වෙහෙසක් දැරිය යුතු බව පැවැසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැදිහත් වීම පමණක් ප්‍රමාණවත් නොවන බවය.

ඊට අදාළ වන රාජ්‍ය ආයතනයන් තමන්ට පැවැරී තිබෙන වගකීම් නිසි පරිදි තේරුම් ගත යුතු බවත් නීතියේ ආධිපත්‍යය යළිත් තහවුරු කිරීම සඳහා ආණ්ඩුව විශාල වෙහෙසක් දරමින් සිටින බවත් දිසානායක මහතා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“අපි ක්‍රමානුකූලව නීතියේ ආධිපත්‍යය යළි අපේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා අපි ශක්තිමත්ව වැඩ ආරම්භ කරලා තිබෙනවා. දීර්ඝ කාලයක් නීතියේ ආධිපත්‍යය නොසලකා හරින තත්ත්වයක් තිබුණා. විශේෂයෙන් ම අපරාධකරුවන් නීතියේ උඩින් ඉන්නවා. දූෂිතයන් නීතියට වඩා උඩින් ඉන්නවා.

දේශපාලන අධිකාරීන් තමන්ට අවශ්‍ය හිතූ හිතූ පරිදි නීතිය උල්ලංඝණය කරනවා, ව්‍යවස්ථාව කඩනවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාවේ නීති කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී තිබෙනවා. රටේ ඉහළ ම පුරවැසියා ව්‍යවස්ථාව කඩන රාජ්‍යයක නීතියේ විධානයේ ආධිපත්‍යය ගැන කවර කතා ද? කියා මම ඔබගෙන් අසනවා. ඒ නිසා අපි මේ නීතියේ ආධිපත්‍යය යළිත් සහ තහවුරු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. ඒ වගේ ම අපි දන්නවා අපේ රටේ රාජ්‍ය දේහයත් දේශපාලන දේහයත් මුළු සමාජයත් පුරා විශාල වශයෙන් අල්ලස, දූෂණය, වංචාව හා නාස්තිය පැතිරී තිබෙනවා. එය අපේ රටේ මුළු රාජ්‍යය පුරා ම පිළිකාවක් වගේ පැතිරිලා තිබෙනවා. අපට විශාල වෙහෙසක් දැරිය යුතුව තිබෙනවා මේ දූෂණය හා වංචාව නතර කරන්න. මා හිතනවා එහිදී අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් තිබෙනවා. මා හිතනවා නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා තමන්ට පැවැරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය වන සහාය ලබා දෙයි කියලා.

ඒ වගේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අධිකරණ පද්ධතියට යළි අපේ රට දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත්කිරීමේ ප්‍රධානම නියමු කාර්යභාරයක් තිබෙනවා. ඔවුන් මේ සඳහා කැපවී කටයුතු කරනු ඇතැ’යි කියන විශ්වාසය අපට තිබෙනවා. මොකද දේශපාලන අධිකාරිය වන අපි ආදර්ශයෙනුත් ක්‍රියාවෙනුත් දූෂණය නතර කරන්නත්, වංචාව නතර කරන්නත් අපි ආදර්ශය සපයනවා. හැබැයි දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ, ඊට අදාළ වන රාජ්‍ය ආයතනයන් තමන්ට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි තේරුම් අරගෙන ඒ වෙනස්වීම සඳහා දායකත්වය සහාය ලබාදුන්නේ නැත්නම්. ඒ නිසා මා ඒ අදාළ ආයතනයන්ගෙන් නිලධාරීන්ගෙන්, ඉල්ලා සිටිනවා අපිට ඒ අවශ්‍ය වන සහාය අවශ්‍යයි.”

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved