විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධ ප්‍රබලතම දේශපාලනඥයකුගේ බිරියක් ඇතුළු දේශපාලකයන් පස්දෙනෙකු මේ වසර ඇරැඹුමේදී ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචිමාර්ගවලින් වාර්තා වන බව “මව්බිම” වාර්තා කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රබල දේශපාලනඥයන් අතර විදෙස් රැකියාවලට යවන බව කියා ජනතාවගෙන් මුදල් වංචා කළ ප්‍රබල දේශපාලනඥයෙක් ද සමගි ජන බලවේගය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද සංචාරක මණ්ඩලයේ අකටයුතුකම්වලට සම්බන්ධ වූ ප්‍රධානීන් කිහිපදෙනකු ද මීට අදාළ බව පැවසේ.
එමෙන් ම, ප්‍රහාරක ගුවන්යානා ගනුදෙනුවලදී සිදු වූ අකටයුතුකම්වලට අදාළ වගඋත්තරකරුවන් පිරිසක්ද බැඳුම්කර ගනුදෙනුවේදී චෝදනා ලැබූ පිරිසක් ද ඇතුළු රටේ ජාතික ධනය කොල්ලකෑ සිද්ධිවලට සම්බන්ධ ප්‍රබලයන් දහයකට අධික පිරිසකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කඩිනමින් නඩු කටයුතු පැවරීමට සැලැසුම් කර ඇතැයි ද වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රබල දේශපාලනඥයාගේ බිරිය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේද විවිධ පරීක්‍ෂණ කටයුතු සිදු කෙරුණත් එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූයෙන් නීතිය ක්‍රියාත්මක වී නැතැයි ද පැවසේ.
මෙම සියලු විමර්ශන කටයුතු විධිමත් අයුරින් සිදුකිරීමෙන් පසු සියලු සැකකරුවන්ට එරෙහිව කඩිනමින් හා විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධ ප්‍රබලතම දේශපාලනඥයකුගේ බිරියක් ඇතුළු දේශපාලකයන් පස්දෙනෙකු මේ වසර ඇරැඹුමේදී ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචිමාර්ගවලින් වාර්තා වන බව “මව්බිම” වාර්තා කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රබල දේශපාලනඥයන් අතර විදෙස් රැකියාවලට යවන බව කියා ජනතාවගෙන් මුදල් වංචා කළ ප්‍රබල දේශපාලනඥයෙක් ද සමගි ජන බලවේගය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද සංචාරක මණ්ඩලයේ අකටයුතුකම්වලට සම්බන්ධ වූ ප්‍රධානීන් කිහිපදෙනකු ද මීට අදාළ බව පැවසේ.
එමෙන් ම, ප්‍රහාරක ගුවන්යානා ගනුදෙනුවලදී සිදු වූ අකටයුතුකම්වලට අදාළ වගඋත්තරකරුවන් පිරිසක්ද බැඳුම්කර ගනුදෙනුවේදී චෝදනා ලැබූ පිරිසක් ද ඇතුළු රටේ ජාතික ධනය කොල්ලකෑ සිද්ධිවලට සම්බන්ධ ප්‍රබලයන් දහයකට අධික පිරිසකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කඩිනමින් නඩු කටයුතු පැවරීමට සැලැසුම් කර ඇතැයි ද වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රබල දේශපාලනඥයාගේ බිරිය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේද විවිධ පරීක්‍ෂණ කටයුතු සිදු කෙරුණත් එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූයෙන් නීතිය ක්‍රියාත්මක වී නැතැයි ද පැවසේ.
මෙම සියලු විමර්ශන කටයුතු විධිමත් අයුරින් සිදුකිරීමෙන් පසු සියලු සැකකරුවන්ට එරෙහිව කඩිනමින් හා විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.